*
Friday, May 3, 2024
spot_img

Latest Posts

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ අරන් චම්පික මනෝ ගනේෂන් හමුවෙන්නත් යයි!

කොළඹ LNW:එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ වෙත ලබා දී තිබෙනවා.

ඊයේ (29) දෙපාර්ශවය අතර එම හමුව සිදුව තිබුණු අතර එහිදී රට මේ වනවිට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායකයින් සිය සතුට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එම කාර්යය සඳහා පොදු සන්ධානයක් මගින් ඉදිරියේදී දේශපාලන කටයුතු සිදුකළ යුතු බවට දෙපාර්ශවයේම යෝජනාව වී ඇත.

එක්සත් ජනරජ පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනා මාලාවට අමතරව කඳුරට දෙමළ ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ද දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර, එම යෝජනාවන් එක්සත් ජනරජ පෙරමුණේ නායකයන් විසින් භාර ගැනීම ද එහිදී සිදුවිය. එමෙන්ම මෙම සාකච්ඡාවේදී මනෝ ගනේෂන් මහතා සහ පලනි දිගම්බරම් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ රට ගොඩ නැගීමේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා අත්දැකීම් බහුල, අමාත්‍යංශය පාලනයේදී සිය හැකියාවන් පෙන්වූ පාඨලී චම්පික රණවක මහතා වැනි නායකයෙකුගේ දායකත්වය ඉතා අවශ්‍ය බවයි.

දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්, M. උදයකුමාර් සහ M.වේලු කුමාර් යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය සමග මින් පෙර සාකච්ඡා කර තිබේ.

සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,

කොහොමද මෙතුමන්ලාගේ ප්‍රතිචාරය. අලුත් ගමනක් යන්න එකතු වෙනවද?

ඇත්තටම එතුමන්ලා ඕනේ ඒක පැහැදිලි කරන්න. අපි තුන්දෙනාට බොහෝ සමාජ ප්‍රශ්න ගැන තියෙන්නේ සමාන අදහස්. අපි හිතන හැටි ගැන හැමෝටම හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම මේ ආර්ථික අර්බුදයෙන් විශාල බැට කෑමකට කඳුරට දෙමළ ජනතාවත් පත්වෙලා තියෙනවා. ඒකට ඉතිහාසයේ ඉඳන්ම තියෙන ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් ඒවා ගැන අපි හොඳ අවබෝධයෙන් ඉන්නවා. රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් පොදුවේ එකමුතු වීමක් අපි බලාපොරොත්තු වෙනවා. කොහොමත් අපි පසුගිය ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ තරඟ කළෙත් එකට. අමුතුවෙන් ආයි තව අලුතෙන් හිතන්න අවශ්‍ය නෑ.

ඒ කියන්නේ මේ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා වුණත් මේගොල්ලෝ එකට වැඩ කරන්න කැමතිද?

ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ඉදිරි කාලයේදී එතුමන්ලා තීරණය කරයි ඒ කවර සන්ධානයක් එක්කද එන්නේ කියන එක. ඒ කවර සන්ධානයකින් කඳුරට දෙමළ ජනතාවට හා රටේ පොදු ජනතාවට කොහොම සේවයක් ද සිදුවිය යුත්තේ කියන එක ගැන එතුමන්ලා තක්සේරු කරලා ක්‍රියා කරයි. අපිට එතුමන්ලා විශ්වාසයි. දැන් විපක්ෂයේ ඉඳල එතුමන්ලා පෙන්නුවා ආණ්ඩු බලය නැතුව ඉන්න පුළුවන් කියලා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී හැදියාව පෙන්නලා තියෙනවනේ. ඒකට අපි ගරු කරනවා.

දැන් මේ වනවිට IMF එකේ කට්ටිය නැවතත් එනවා සාකච්ඡා කරන්න. මොකක් වෙයිද?

මූල්‍ය අරමුදලේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. මූල්‍ය අරමුදලේ මේ නිලධාරී කණ්ඩායම නිලධාරී මට්ටමේ සාකච්ඡාවලට තමා එන්නේ මේ මාර්තු 05. ඊට පස්සේ ඒගොල්ලෝ ඒකෙන් පදනම් කරගත්ත යෝජනාවලියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒකට තව සති කීපයක් ගතවෙයි. මේකේ තියෙන ප්‍රධානම දේ තමයි විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක. විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා අපේ විදේශීය ණය හිමියන් එක්ක, ජාත්‍යන්තර මූල්‍ය පොලෙන් ලබා ගත්ත ISP එක්ක, චීනය, ජපානය, ඉන්දියාව සහ පැරිස් ක්ලබ් එක ඇතුළු ඒ රටවල් වල ද්විපාර්ශික ණයකරුවොත් එක්ක IMF විසින් නිර්දේශ කරලා තියෙන මාර්ගෝපදේශයන්ට අනුකූලව අපිට එකඟතා ලියවිල්ලක් අත්සන් කරන්න පුළුවන්ද කියලා එහිදී සාකච්ඡාවට ගන්නවා. එහෙම එකඟතා ලියවිල්ලක් අපි අත්සන් කර ගත්තොත් අපට ඊළඟ වාරිකය ලැබෙයි. ඒ සඳහා තව සති කිහිපයක් යයි.” යනුවෙන් රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan