සෞඛ්‍ය වෘත්තීය සමිති කළ ඉල්ලීම් වල අවසන් එකඟතාවය අද

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): දීමනා වැඩි කිරීම ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක නියෝජිතයින් රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා අතර අද(01) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වේ. 

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කළ කමිටුව සකස් කළ නිර්දේශ සම්බන්ධයෙන් අද දිනයේ වෘත්තීය සමිති දැනුවත් කිරීමට නියමිත බවයි.

රජය වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින්, සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් පසුගියදා දීප ව්‍යාප්තව වැඩ වර්ජනයකද නිරත විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...