අත්අඩංගුවට ගැනීමේ අවධානම් නොතකා රුසියානු විපක්ෂ නායකවරයාට සමුදීමට දහස් ගණනක් එක්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නීගේ හදිසි අභාවය වෙනුවෙන් ශෝකයට පත් ප්‍රංශ සහ ජර්මානු තානාපතිවරු ඇතුළුව දහස් ගණනක් වූ රුසියානුවන් අවසන් මොහොතේ ඔහුට සමු දීමට එක්ව සිටි බව වාර්තා වේ.

ක්‍රෙම්ලිනය විසින් විරෝධතා කරුවන් අත්අඩංගුවට ගන්නා බවට අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබූන මුත් එය නොතකා විශාල ජනකායක් බොරිසොව්ස්කෝයි සුසාන භූමියට රැස්ව සිටි අතර මෙහිදී නවාල්නිගේ අවමංගල්‍යය පැවැත්වූ මොස්කව්හිදී අත්අඩංගුවට ගැනීම් හයක් ඇතුළුව නගර 16ක අත්අඩංගුවට ගැනීම් 67ක් වාර්තා විය.

රුසියාව තුළ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ දරුණුම විවේචකයා වූ නවාල්නි, පසුගිය පෙබරවාරි 16 වන දින ආක්ටික් දණ්ඩ යටත් විජිතයක දී හදිසියේ මිය ගිය අතර ඔහුගේ ආධාරකරුවන් නවලිනී ඝාතනය කළ බවට රජයට චෝදනා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබුණු තවත් සහනයක් ඉවතට!

කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් 'වියත්පුර' නිවාස ව්‍යාපෘතියෙන් නිවාස...

මහනුවර රාත්‍රී වෙළඳ පොළ සැප්තැම්බර් 13 වන දින සිට නව මුහුණුවරකින්!

කොළඹ LNW: මහනුවර ආලෝකමත් කරමු යන තේමාව යටතේ දියත්...

සිංහරාජ වනන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීමට අවසර දී නෑ – පරිසර ඇමති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW: සිංහරාජ වනන්තරය හරහා මාර්ගයක්...

අක්‍රීය රාජ්‍ය ආයතන ගැන කැබිනට්ටුව තීරණයක් ගනී.

කොළඹ LNW: දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක්...