(VIDEO):මහින්ද යාපා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇරපු ඇරිල්ල! නීතිය යකාට යවමින් කථානායක යාපා නොනවතින පිතිකරණයක!

Date:

කොළඹ LNW:Political Review of The Week

වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම ස්ථිර කිරීමේ ක්‍රියාවලියේදී ව්‍යවස්ථාදායක සභාව තුළ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදුකර තිබුණු මැදිහත්වීම මහත් ආන්දෝලනයට ලක්වූ පුවතක් වුණා.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන කරන ලද අනාවරණයෙන් පසු තත්ත්වය උණුසුම් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කථානායකවරයා සිය ජන්දය භාවිතා කර දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම අනුමත කළ බවටයි චෝදනා එල්ල වුණේ.

කොහොමත් පසුගිය කාලය පුරාම කථානායකවරයාට චෝදනා එල්ල වුණේ ඔහු සිය ධූරයේ අභිමානය හෝ නොතකමින් කටයුතු කරන බවටයි.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පවා උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට දිගින් දිගටම මහින්ද යාපා අබේවර්ධන මහතාට චෝදනා එල්ල වුවද ඔහු ඒවා නොසලකා හරිමින් කටයුතු කරන්නේද යන ප්‍රශ්නය මතුව තිබෙනවා.

කොහොමත් මේ වෙනදේවල් ගැන සවිඥානික වීම වැදගත්. ඒ අනුව මේ සතියේ දේශපාලන විග්‍රහය තුළින් අපි අවධානය යොමු කළේ කථානායකවරයාගේ මෙම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමේ ප්‍රශ්නකාරී තත්ත්වය පිළිබඳවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... පුවත...