*
Monday, March 3, 2025
spot_img

Latest Posts

මේ විදියට ගියොත් නම් 2028 ණය ගෙවන්න වෙන්නෙ නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

වර්තමාන රජය බලයට පත් වුයේ රට තුළ ක්‍රියාත්මක මැර කණ්ඩායම්, ඝාතන කල්ලි මැඩපවත්වනවා කියා වුවත් එම කාර්යය ඉටු කළ නොහැකිව රජය අසරණ වී ඇති බවත් එම නිසා කොන්ද කෙලින් තබාගෙන නීතිය හා සාමය ස්ථාපිත කරන්නට ජනතාවගේ මූලික අයිතිය රැකගනිමින් ගත හැකි උපරිම පියවර ගන්නා ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙරට ජනතාව හැමදාම වේදිකාවේ කියන කතාවලට රැවටෙන බවත් දැන්වත් රටේ ජනතාව කියන දේ සහ කරන දේ අතර ඇති පරතරය හදුනාගෙන බුද්ධිමත්ව දේශපාලන තීන්දු තීරණ ගතයුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා එසේ නොගැනීමේ ඵලවිපාක ජනතාව විදින බවත් ජාතික ආරක්ෂාව වෙනුවට ජන සමාජයම අනාරක්ෂිත වී ඇති බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (28) අනුරාධපුරයේ අටමස්ථානය වන්දනාමාන කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම අපරාධ මැඩපවත්වන්නට රජය විපක්ෂයෙන් සහය ඉල්ලන්නත් පෙර සහාය ලබා දී අවසන් බවත් මේ ආණ්ඩුවට රට පාලනය කිරීමේ දර්ශනය හැකියාව ක්‍රමවේදයක් නොමැති බවත් වේදිකාවල සිහින ලෝක මැවීම හා රටක් පාලනය කිරීම දෙකක් බවත් මේ ගැන අවබෝධයක් නොමැති වූ නිසා රටම අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අපිට තියෙන එකම අභියෝගය රජය නොව ජනතාව සුඛිත මුදිත කිරීමයි

විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට මේ අවස්ථාවේ ඇති එකම අභියෝගය වන්නේ ජනතාව සුඛිත මුදිත කිරීම බවත් ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාකාරකම් මහපොළොවේ ශක්තිමත් කිරීම බවත් කතාව මෙන්ම ක්‍රියාවෙන් ද ජන දුක නිවන්න උත්සාහ කරන බවත් රජයකට සෘජු විදේශ ආයෝජන ගෙනවිත් රට සශ්‍රීක කරන්න හැකි විය යුතු බවත් ඒ සදහා මහා දැවැන්ත ක්‍රමෝපායික සැලසුමක් අවශ්‍ය බවත් එවැනි දෙයක් රජයේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන් දේශපාලන පළිගැනීම් වැඩිවෙලා

මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරු, අධ්‍යාපන ලේකම්වරු, ප්‍රධාන ලේකම්වරු දිස්ත්‍රික් ලේකම්වරු මාරුකර ඔවුන්ගේ හිතවතුන් එම තනතුරුවලට පත් කර රට පුරා දේශපාලන පළිගැනීමක් සිදුවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා අතිවිශාල රාජ්‍ය සේවක ඡන්දයෙන් පත්වූ මේ ආණ්ඩුව තමන්ව පත් කළ රාජ්‍ය සේවකයන්ට නිග්‍රහ සහ අගෞරව කරන බවත් සඳහන් කළේය.

මේ විදිහට ගියොත් නම් 2028 ණය ගෙවන්න වෙන්නෑ

එසේම රජය ඉදිරිපත් කළ අයවැය හරහා අපේ රටේ ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ 13%ක් බවට පත් කර ඇති බවත් ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3%ක් ලෙස පවත්වාගෙන යා යුතු වුවත් මේ සීමා නිසා රටේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් සදහා අවශ්‍ය සම්පත් අහිමි වන බවත් මේ නිසා 2028 ණය ගෙවීම හීනයක් බවත් මේ යන විදිහට නම් 2028 ණය ගෙවන්නට බැරි බවට අනතුරු ඇගවීම් පවා සිදුවන බවත් දෙවැනි ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යාමට සිදුවන බවත් මොවුන් මේවා ජනතාවගෙන් සගවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එදා සිටි ගොවි නායකයෝ මැති ඇමතිකම් ගත්තට පස්සේ මෝල් හිමියන්ගේ වහලුන් වෙලා

මෙරට ජනතාවගේ ජන හඩ, ජන දුක මැතිසබයේ නියෝජනය නොවන බවත් රටේ ජනතාව මන්ත්‍රීවරුන් 159ක් මේ රජයට පත් කර දුන් බවත් එදා වෙදිකාවේ කතා කළ කෘෂිකර්මික ක්ෂේත්‍රයට ලබා දෙනවා කියා හයිය ගැන පාර්ලිමේන්තුවේ කතා නොවෙන බවත් ආණ්ඩුව ලක්ෂ 220න් තමන්ට ඕන දේ කර ගත්තත් ගොවියාගේ පොහොර ගැටලුව ස්ථාවර මිලක් නොමැතිකම වන්දි නොලැබීම ආදීය ගැන කතා නොකරන බවත් මේවා ගැන රජයට හැගීමක් නොමැති බවත් සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එදා විපක්ෂයේ සිට කුඹුරට බැස වීවලට රු.150ක් දෙනවා කියා අනපනත් පවා සම්මත කරනවා කිව්වත් අද එම ගොවි නායකයෝ මැති ඇමතිකම් ගෙන මෝල් හිමියන්ගේ ප්‍රාණ අපකරුවන් බවට පත්ව ඇති බවත් පෙන්වා දුන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan