රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර කිහිපයකින් ඔහුගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ නිවස තුළදී ඝාතනයට ලක්ව ඇති බව රජයේ නිල පුවත් සේවාවන් තහවුරු කර තිබේ.
මීට අමතරව, ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ක්‍රියාත්මක කළ ප්‍රහාර හේතුවෙන් කමේනිගේ දියණිය සහ මුණුපුරා ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
මීට පෙර ඔහුගේ බිරිඳ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වාර්තා පළ වුවද, නවතම පුවත් මගින් මෙම මරණ පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.



