දිගු කලකට පසු චීන සංචාරකයන් පිරිසක් මෙරටට

Date:

වසර තුනකට පසු චීනයේ ගුවැන්ශෝ සිට මෙරටට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස රැගත් ශ්‍රීලංකන් ගුවන් යානය අද (02) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්ත ගුවන් තොටුපළට පැමිණි අතර සංචාරකයින් පිරිස පිළිගැනීමේ අවස්ථාවට, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ චීන තානාපතිවරයා ද එක්ව සිටියහ. මෙසේ චීන සංචාරකයන් පැමිණියේ කොවිඩ් වසංගතයෙන් පසු මෙරටට පැමිණි ප්‍රථම කණ්ඩායම ලෙසයි.

සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ, යළි ඇරඹෙන චීන – ශ්‍රී ලංකා මිතුදම ලාංකේය සංචාරක කර්මාන්තයේ තවත් ඉදිරි පියවරක් තබනු ඇති බවත් එළැඹෙන අප්‍රේල් මස සිට බිජිං, ශැංහයි හා ගුවැන්ශෝ සිට සතියට ගුවන් ගමන් වාර තුන බැගින් ගුවන් ගමන් වාර 9ක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ඔස්සේ දිවයිනට පැමිණිමට නියමිත බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වම්මුන්ගේ පැලැස්තර : “වාම රාජ්‍ය” ෆැන්ටසියක්ද, යථාර්ථයක්ද ?

ඕනෑම මිනිස් සමාජයක් තුල ස්වභාවිකවම පිළිසිඳගන්න අනිවාර්ය මනෝව්‍යාධීන් කිහිපයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...