දුම්රිය අනතුරුන් පසුව ග්‍රීසියේ මහජන කෝපය පුපුරා යයි; මිය ගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

Date:

43 දෙනෙකුට මරු කැඳවමින් ග්‍රීසියේ ඇතෑන්ස් සිට තෙසලෝනිකි දක්වා ගමන් කරමින් තිබූ මගීන් 350ක් පමණ රැගත් දුම්රියක් මධ්‍යම නගරය වන ලැරීසාහිදී තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් හා ගැටීම හේතුවෙන් ග්‍රීසිය පුරා විරෝධතාවයන් උත්සන්නව ඇති බව වාර්තා වේ.

අඟහරුවාදා රාත්‍රියේ ව්‍යසනය සිදුවූ ස්ථානයට ආසන්න තෙසලෝනිකි සහ ලැරිසා නගරයේ ද විරෝධතා පවත්වා ඇති අතර වීදිවල ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සහ ගිනි දැල්වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම දුම්රිය අනතුර හේතුවෙන් රට පුරා දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති විසින් ප්‍රකාශ කර තිබු‌ණේ ආරක්ෂක පද්ධති නිසි ලෙස ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පැමිණිලි කළ බවයි. කෙසේ නමුත් මේ වන විට දුම්රිය ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බව රජය විසින් නිවේදනය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය කොස්ටාස් කරමන්ලිස් විසින් මෙම ව්‍යසනයෙන් අනතුරුව සේවයෙන් ඉල්ලා අස් වී ඇති අතර ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, 21 වන සියවසට නොගැලපෙන දුම්රිය පද්ධතියක් සවි කිරීමට බලධාරීන්ට තිබූ නොහැකියාව හා මෙතරම් ඛේදජනක දෙයක් සිදු වූ විට, කිසිවක් සිදු නොවූවාක් මෙන් එය ඉදිරියට ගෙන යා නොහැකි බවයි.


සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

51ක් වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...