දේශපාලනය කරනවා කියා අප සියල්ලන්ම කරන දේ …

Date:

47 න් පස්සේ , දේශපාලනය කරනවා කියා අප සියල්ලන්ම කලේ මල මිනී ටිකකට පෝමලින් විද විද එම්බාම් කරමින් තබා ගෙන ඒ මෘත ක්ලේබර පිටුපස සිට ගෙන අපේ දේශපාලනික සටන්පාඨ සමාජ ගත කිරීම පමනි.

මේ මලමිනී ටික සරලව මෙසේය.

  1. ලංකාවේ ප්‍රභලතම දේශපාලන පක්ෂය වුන එක්සත් ජාතික පක්ෂය.

02.එයිට විකල්පයක් ලෙස බිහි වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය .

03.ලංකාවේ පැරනිම පක්ෂය වුන ලංකා සම සමාජ පක්ෂය හා එයට අනුරූපීව ගොඩ නැගුනු විකල්ප සමාජවාදී යැයි ලේබල් ගසා ගත් පක්ෂ.

04.සම්ප්‍රදායික වාමාංශික පක්ෂ දේශපාලනයෙන් මිදී සටන් කාමී දේශපාලනයකට පිවිසි ජනතා විමුක්ති පෙරමුන.

05.ටෙලෝ,ඊරොස්, වශයෙන් ඇවිදිං එල්.ටී.ටී.දේශපාලනයෙන් කෙලවර වුන දමිල පක්ෂ සහ ඉන් අනතුරුව පන ගැට ගහගන්ඩ දඟලන උතුරේ දේශපාලන පක්ෂ .

06.වතු කම්කරු කොන්ග්‍රසය ප්‍රමුඛ වතුකරය නියෝජනය වෙමින් ක්‍රියාත්මක දමිල පක්ෂ.

07.මුසල්මානු චන්ද දිනා ගැනීමේ පදනමින් පිහිටුවාගෙන ඇති මුස්ලිම් කෙංග්‍රසය හා ඒ හා බැඳුනු පක්ෂ .

  1. මුස්ලිම්, කතෝලික හා බෞද්ධ ආගමික බලාධිකාරිය.

09.ලංකාවේ ක්‍රියාත්මක ජන මාධ්‍ය බලාධිකාරිය.

10.සිවිල් බුද්ධිමතුන් යැයි හඟවා ගනිමින් රංගනයේ යෙදෙන සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන…

And So more….

මේ හැම මල කුනකටම මෙතුවක් කල් පෝමලින් ගස ගසා නඩත්තු කරපු කෙරුවාවේ තරම දැං දැං පැහැදිලි වෙමින් පවතී.

මේ සියලු මල මිනී , එක්කෝ කුනු වී දියාරු වී යන තෙක් ඉවසා ගෙන සිටිය යුතුය.

එසේ නොමැතිනම් බලහත්කාරයෙන් හරි වලලා දැමිය යුතුය…

පුරවැසියන් ලෙස අප කලබල විය යුතු නැත.

මේ සියල්ල එක විට කරමින් සහ අවසානයේ ස්වයං විනාශයක් කර ගනිමින් , එකම මල සොහොනක මේ හැමෝම මිහිදන් කල හැකි පාලකයෙක් පහල වී ඇත.

අපගේ ප්‍රශ්නවලට ඔහු දෙන පිළිතුරු විටෙක හාස්‍ය ජනකය, ජුගුප්සාජනකය, ලේ කෝප ගන්වන සුලුය.

ඉවසීම ප්‍රගුන කරන්නට අපට සිදුව ඇත., ඒ හැර වෙනත් විකල්පයක් නැත.

කල හැකි එකම දේ , ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දීම පමනි.

නව්‍ය දේශපාලනයක් ගැන අත්දැකීම් ලැබීමට අපේ දෙවනි පරම්පරාවට හරි , ඒ හරහා වාසනාව පෑදෙනවා ඇත.

~ වසන්ත සිරි වටගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...