දින හතක් ඇතුළත උත්තර නැත්නම් මොකද වෙන්නේ කියල බලමු! (VIDEO)

Date:

බදු පනත ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී වෘත්තීය සමිති ඒකාබද්ධව රට පුරා සිදුකරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමුකර එම ගැටලුවලට ඉදිරි දින 07 තුළ විසඳුම් නොලැබෙන්නේ නම් මාර්තු 08 සිට අයිතිවාසිකම් දිනාගන්නා තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව අද (02) රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ඇත්ත වෘත්තීය සමිති මොනවාද ?කෝම්බ මොනවාද යන්න නොදන්නා බවයි.

එහෙයින් සුපුරුදු පරිදි රැවටී නැවත ගෙදර යා හැකි බවයි කුමුදේශ් මහතා පැවසුවේ.

මේ වන විටත් රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුවට වුවමනාවක් නැති බවද හෙතෙ කියා සිටියේය.

”ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා කියනවා මානුෂික මෙහෙයුමක් කරන්න රට බංකොලොත් වෙද්දී අඩු ආදායම්ලාභියා සිය දිවි නසා ගනී කියල. ඔහු බංකොලොත් වුනහම විවිධ තීරණ ගනී කියල. හැබැයි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට ඒක තේරෙන්නෙත් නැහැ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා රටේ වෘත්තීය සමිති එකතු වෙලා ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයට ඕන නම් හැමදාම වැරැද්ද ගත්තා වගේ වටේ ඉන්න අය වෘත්තීය සමිති කියල කෝම්බ 500ක් 1000ක් දාලා කන්න දෙන එකට රැවටෙන්න.රැවටිලා කලින් කරගත්තා වගේ ජන්ද 30,000ක් වත් නැතුව ගෙදර යන තැන හදාගන්න. මොකද එයා දන්නේ නැහැ මේ රටේ බිමේ ඉන්න වෘත්තීය සමිති මොනවද කෝම්බ මොනවද කියල. ඒ නිසා අපි කියනවා ඕනේ නම් රැවටෙන්න අපි කරලා පෙන්වන්නම්” යනුවෙන් කුමුදේශ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...