ලෙබනනය බලා පිටත් වූ ලංකා යුධ හමුදාව

Date:

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ ශ්‍රී ලංකා යුද හමුදා 14 වැනි මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ 125 දෙනෙකු අද (02) උදෑසන ද්කටුනායක ගුවන්තොටුපොළින් ලෙබනනය බලා පිටත්ව ගොස් තිබේ.

මෙම භට කණ්ඩායමට නිලධාරීන් 10 දෙනෙකු සහ සෙබළුන් 115 දෙනෙකු ඇතුළත් වූ අතර, ඔවුන් අතරින් 02 දෙනෙකු කාන්තා නිලධාරිනියන් වන අතර තවත් 08 දෙනෙකු කාන්තා සෙබළියන් ය.

මීට අමතරව ලෙබනනයේ අතුරු හමුදා බළකායේ රාජකාරී සඳහා , පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හදුනාගැනීම සඳහා විශේෂ පුහුණුව ලත් “ෆ්‍රෑන්ක්, ජුපිටර්, ටයිගර් සහ ලීනා” නමැති සුනඛයින් සිව් දෙනෙකු ද රැගෙන ගොස් ඇත.

අද අලුයම 02.00 ට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළින් ලෙබනනය බලා පිටත්ව ගොස් තිබූයේ ඉතියෝපියානු ගුවන් සේවයේ ඊ.ටී.- 8405 දරන විශේෂ ගුවන් යානයෙනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...