සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 03, කොළඹ (LNW): මාර්තු 20 වැනිදා යල කන්නය වෙනුවෙන් මහවැලි කලාපයට ජලය නිකුත් කිරීම ආරම්භ කරන බව, මහවැලි අධිකාරිය පවසයි.
මාර්තු සිට ජූලි දක්වා ඒ වෙනුවෙන් ජලය නිකුත් කෙරෙන බව එම අධිකාරිය පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පවතින බවයි.
මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ විමල් රත්නසිරි මහතා සඳහන් කළේ ,වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් සංඛ්‍යාව, 258 ක් වන අතර, එම වැව්වල 90% ඉක්මවූ ජල ධාරිතාවක් පවතින බවයි.
