*
Tuesday, March 18, 2025
spot_img

Latest Posts

බෙදුම්කරුවන්ට වාසි සහගත ලෙස කටයුතු කළාද ? – හිටපු තෙල් ඇමති කංචනගෙන් පිළිතුරු

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය රජය සමයේ අධිකරණය විසින් ලබාදී තිබුණු නියෝග ක්‍රියාත්මක නොකර ඉන්ධන බෙදුම්කරුවන්ට වාසි සහගත ලෙස කටයුතු කළ බවටත් අය වියයුතු මුදල් අයකර නොගත් බවටත් එල්ල වන චෝදනාවලට හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පිළිතුරු දී තිබේ.

හිටපු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහන පහතින් දැක්වේ.


ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබදව පසුගියදා සිදු කරන ලද අසත්‍ය සහ නොමග යවන ප්‍රකාශ පිළිබඳව –

පසුගිය දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයේ නියෝජිතයන්, විවිද දේශපාලන නියෝජිතයන්, සමාජ මාධ්‍ය නියෝජිතයන් සහ මාධ්‍ය මගින් පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් අධිකරණය මගින් ලබා දී තිබු නියෝග ක්‍රියාත්මක නොකර බෙදුම්කරුවන්ට වාසි සහගත ලෙස කටයුතු කල බව සහ අය විය යුතු මුදල් අය නොකර ගත් බව අසත්‍ය ලෙස ප්‍රකාශ කර සිටින ලැබුණි.

පසුගිය කාලයේ ලාභංශ ප්‍රතිශත පිලිබඳ තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ඛණිජ තෙල් බෙදුම්කරුවන් පසුගිය 2022 වසරේ මාර්තු මස මහාධිකරණයේ සහ 2023 වසරේ අභියාචනාධිකරණය මගින් එම තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට එරෙහිව තහනම් නියෝග දෙකක් ගනු ලැබුණි.

එම තහනම ඉවත් කරමින් අභියාචනාධිකරණය මගින් සංස්ථාවේ තීරණය ක්‍රියාත්මක කරන ලෙස 2024 වසරේ අගෝස්තු 30වන සිකුරාදා නියෝගයක් නිකුත් කරනු ලැබුණි. එම නියෝගය විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය වෙත සැප්තැම්බර් මස 2 වන සඳුදා ලබා දෙන ලැබුණි.

එම නියෝගය අනුව අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවට එම නියෝගය පිළිබඳව උපදෙස් ලබා දෙන ලෙසත් ඛණිජ තෙල් සංස්ථාවට එම නියෝගය අනුව කටයුතු කරන ලෙස දැන්වත් කරනු ලැබුණි.
ඒ අනුව කටයුතු කිරීමේදී ඛණිජ තෙල් බෙදුම්කරුවන් නැවත එම නියෝගයට අභියාචනයක් සැප්තැම්බර් මස දෙවන සතියේ ශ්‍රේෂ්ඨධිකරණයට ඉදිරිපත් කරන ලදි. එහි පළමු නඩු විභාගය සැප්තැම්බර් මස 18 වන දින සිදු විය.

සැප්තැම්බර් මස 23 වන දිනෙන් පසු පැවති රජය වෙනස් වීමත් සමග ශ්‍රේෂ්ඨධිකරණය ලබා දුන් නව තීරණය, නීතිපතිවරයාගේ උපදෙස් හෝ ඛණිජ තෙල් සංස්ථාව ක්‍රියාත්මක කල ක්‍රමවේදය පිළිබඳව මා හට අවබෝධයක් නොමැත.

~ කංචන විජේසේකර

ඇමුණුම් – අභියාචනාධිකරණය මගින් ලබා දුන් නියෝගය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට ගත් ක්‍රියාමාර්ග, බෙදුම්කරුවන් එයට විරෝධය පල කර ඒවා තිබු ලිපිය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan