*
Saturday, March 22, 2025
spot_img

Latest Posts

Worry නොවීම සහ sorry නොකීම පිරීහීමේ තත්ත්වයකි

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 03, (LNW)කොළඹ

HUNDRED Sri Lanka International Challenge 2025 තරගාවලිය නිමා වී ඇත.අද ඇරඹෙන්නේ HUNDRED Sri Lanka International Challenge 2025 තරගාවලියය.ක්‍රීඩාව ආර්ථිකය සුපෝෂණය කරන සහ සංචාරකමය වශයෙන් රටට පලදායී සිහිනයක් කිරීමේ උවමනාවක් පෙන්වන ආණ්ඩුව මේ තරගාවලි දෙක හරහා ඉටුවන එම කාරණා සියල්ල නොසළකා හැර ඇත.රටේ ජාතික ක්‍රීඩා සංගමයක් ජාත්‍යන්තර තරගාවලියක් සංවිධානය කර ඒ සඳහා අවශ්‍යය වියදම් දරමින් සුළු හෝ උපකාරයක් ආණ්ඩුව පැත්තෙන් බලාපොරොත්තු වෙද්දී ඒවා ඉතාමත් පහත් මට්ටමෙන් ප්‍රතික්ෂේප කර දැම්මේය.


සෙල්ලම් නම් මොකටද න්‍යායෙන් සේ හැසිරෙන රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන වගකීම ඇති සුගතදාස ක්‍රීඩාංගණ ප්‍රධානීන්ගේ හැසිරීම මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ද දන්නවා විය යුතුය.රුපියල් 150000 ක් වූ සාමාන්‍ය දෛනික ගෙවීම මදක් අඩු කර තරගාවලි පැවත්වෙන දින 13 ක කාලයකට සහනයක් අපේක්ෂා කර ඔවුන් ඉල්ලීමක් කළේය.ප්‍රතිපලය ලෙස ක්‍රිඩාංගණ පරිපාලකයන් දුන්න පිළිතුර වූයේ ජාත්‍යන්තර තරගාවලියක් නිසා දෛනිකව රුපියල් ලක්ෂ පහක් ගෙවිය යුතු බවය.


රටේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඉදිකර තිබෙන ප්‍රධාන ක්‍රීඩාංගණය රටේ ක්‍රීඩාවේ සුගතිය මෙන්ම රටේ කීර්තියට,ආර්ථිකයට මෙන්ම සංචාරකමය වැදගත්කමක් ඇති වැඩ සටහනකට යොදා ගනිද්දී,එය පිනට නො‘ඉල්ලා එම වැදගත් කාර්යයට අත ගැසීමට එන්න කී විට ක්‍රීඩාංගණ පරිපාලනය හැසිරෙන්නේ ඒ ආකාරයටය.එහි ආණ්ඩුවෙන් ප්වීම ලද පරිපාලකයන් උගත යුතු පළමු කාරණය වන්නේ සුගතදාස ක්‍රීඩාංගණය රටේ ක්‍රීඩාවෙන් හම්බ කිරීමම පදනම් කරගෙන අටවපු දෙයක් හෝ පක්ෂ සම්මේලන වැනි කාරණා සඳහා පුද්ගලයින් ඒක රාශි කිරීමට තනපු දෙයක් නොවන බවත්,එය රටේ ක්‍රීඩාවන් හී සංවර්ධනයට දායක වීම සඳහා ඉදිකර ඇති ක්‍රිඩාවට ජාතික වස්තුවක් බවත්ය.


එම කාරණයෙන් බැහැරව කල දුටු තැන වල ඉහ ගැනීමේ ක්‍රමයෙන් වැඩ කළ සුගතදාස පරිපාලනය තරගාවලිය ජාත්‍යන්තර කියා බැඩ්මින්ටන් සංගමය මහා දවල් මංකොල්ල කෑමට සැරසී ඇති බවක් කෙනෙකුට හැඟෙන්නේනම් එය පුදුමයට කාරණයක් නොවේය.මන්ද මෙම තරගාවලියෙන් දේශීය ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කෙරෙන කාරණාවන් තේරුම් ගැනීමම,එම කාර්යයට ආණ්ඩුවේ සහය දීමට ප්‍රමාණවත් සාක්ෂි සපයන්නේය.
ඒ අතරින් වැදගත්, වීදේශිය ක්‍රීඩකයන් සමග තරග අත්දැකීම් බෙදා ගන්නට වැඩි දේශීය ක්‍රීඩකයින් ප්‍රමාණයකට ලැබෙන ඉඩය.තරග කිරීමට ලැබීම,දක්ෂතා නරඹා ඉගෙන ගැනීමට ලැබෙන අවස්ථාවන් මෙන්ම,ලෝක මට්ටමේ දක්ෂ ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කර ඉගෙන ගන්නට ලැබෙන විවෘත ඉඩ ද ඉන් ප්‍රධාන කොට තැනිය හැකිය.එසේම කේෂ්ත්‍රෙය් දේශීය විනිසුරවන් සහ පැති විනිසුරුවන් සියල්ලටමත් විවෘත වන අවකාශය ඔවුන් භාවිතයට ගැනෙන්නේ ලෝක පූජිත තරග තීරකවරුන් යටතේය.ඔවුන්ගේ දැණුම මෙන්ම තීරණ ගැනීමේ දී අවධානය යොමු කළ යුතු මට්ටම ගැන ද විශ්වසනීයත්වය වර්ධනය වන්නා සේම,ජාත්‍යන්තර මෙවැනි තරගාවලි සඳහා ඔවුන්ව ලෝකයට විවෘත වීම ද එයින් සිඳු වන්නේය.


ඒ ක්‍රීඩාවට සෘජුව සම්බන්ධ වන කරුණුය.දින ගණනාවක් හෝටල් කාමර 150 වැඩි ප්‍රමාණයක් ඩොලර් 100 ක් වැනි මුදලකට අලෙවි වීමෙන් ලැබෙන මුදල් ප්‍රමාණය රටට වැදගත්ය.එසේම කෙටි සංචාර,සාප්පු සවාරි වැනි කාරණා නිසා ලැබෙන්නේද රටට මුදල්ය.සියල්ලටම වඩා ලෝකයට සාර්ථකව ජාත්‍යන්තර තරගාවලියක් පැවත්විය හැකි බවට යන පණිවිඩය අතිශයින් වැදගත්ය.එය වසරින් වසර තරගාවලියේ තත්ත්වය ඉහළ යාම කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කරන්නේය


මේ සඳහා සහයෝගය දීම ආණ්ඩුවක් හැටියට කළ යුතු ද නැද්ද යන්න ඉහත කරුණු ගණනාවෙන් හඳුනාගත හැකිය.මේ කාරණා සඳහා සහයෝගය දිය යුතු සංචාරක අමාත්‍යංශයට ද කොටසක් ඇත.බැඩ්මින්ටන් සංගමයේ උප සභාපතිවරයෙකු හා සිඳු වූ සාකච්ඡාවකදී මේ වන විට විදේශගතව සිටින සංචාරක අමාත්‍යවරයා මේ තරගාවලිය වෙනුවෙන් සාමාන්‍යයෙන් සිඳුවන පරිදි රට රටවල ජාතික කොඩි ලබා දීමට එකඟ වී ඇත.එය සාමාන්‍ය තත්ත්වයකි.එසේ පොරොන්දු වුව ද,ඔහුට විදෙස්ගත වීමට අවශ්‍යය බැවින් බැඩිමින්ටන් නිලධාරීන්ව ඔහු යොමු කර ඇත්තේ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වෙතය.


ඔහු අඩුම තරමේ අමාත්‍යවරයා විසින් යොමු කරන ලද පුද්ගලයාව කාමරයට හෝ කැඳවා මුහුණ බලන්නටවත් කටයුතු කර නැත.ඔහු පණිවිඩය ගෙන්වාගෙන වෙනත් තැනකට යොමු කර ඇත.ඉනික්බිතිව තැන තැනට අමාත්‍යංශ ලේකම් දක්වාම ගොස් (එහිදී ද පැය ගණනක් ලේකම්වරයා මුණ ගැසී නැතුව සිට පසුව සහකාර ලේකම්වරයෙකු හමු වී ඇත) අවසානයේ ඉර වැහෙන්නට ආසන්නයේ කොඩි ලබා දිය නොහැකි බව දන්වා ඇත.වෙනදාට එවැනි දේ සිඳුව ඇති බව දැන්වුව ද,ඒ ගැන එම නිළධාරීන් කිසිඳු උනන්දුවක් දක්වා නැත.
රටවල් 28 ක පිරිස් මෙරටට පැමිණ තිබෙන මොහොතක,මෙරට ගැන අවධානයක් හෝ අවබෝධයක් ඇති කිරීමට නව උපාය මාර්ගික සැළසුම් සකස් කළ යුතුව ඇති සංචාරක කර්මාන්තය ගැන අදාළ රජයේ අංශය ප්‍රදර්ශනය කරන්න කොඩියක්වත් දුන්නේ නැත.ඒවා ද ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වෙතම සපයා ගන්නට සිඳු විය.ඒ සියල්ලටම වඩා මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය සිය ගෘහස්ත ක්‍රීඩාංගණය ඒ වෙනුවෙන් ලබා නොඳුන්නේනම් කොඩි නෙමෙයි රටට රෙදිත් ඉතුරු වන්නේ නැත.ඒ තරම් වගකීම් විරහිතව ආණ්ඩුවේ ක්‍රීඩා භූමිය ඒ රටේ ක්‍රීඩා සංගමයකට රටට ජාත්‍යන්තර වටිනාකමක් ගෙනෙන මොහොතක කටයුතු කර ඇති ආකාරය පහත්ය.


ක්‍රීඩාංගණය ලබා දීමේ වගකීම සම්බන්ධයෙන් හැසිරි ඇති ආකාරය ක්‍රීඩා අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා දැන සිටියේ නැත.ඔවුන් සොයා බලනවා කීවාට ඒ සොයා බලා සිඳු වූ වරද වෙනුවෙන් අදාළ සංගමයට සිය කනස්සලුබව හෝ සමාව ප්‍රකාශ කිරීමක් කර නැත.ඒ අර අමාත්‍යවරයා නිතර පවසන මම කිසිම සංගමයකට යන්නෙ නැහැ.ඒ අය කතා කරන්න මගේ අමාත්‍යංශයට එන්න ඕනි කියන ප්‍රායෝගික නොවන කතාව පදනම් කරගෙන මම ඇමති,මගේ ආයතනයකින් වූ වරදකට මම සමාව ගන්න ඕනි නැහැ කියන තැන සිට නිහඬව සිටීමක් විය හැකිය.එහෙත් ඇත්ත කතාව මේ අනුග්‍රහය සහ සහය නොදීමේ දෝෂය පිළිගැනීම වගේම වැදගත් වන්නේ මේ තරගාවලියේ සංවිධායක වැඩ කටයුතු ගැන ද සොයා බලන්නට බැඩිම්න්ටන් මූලස්ථානයට ගොඩ වැදී සමහර විට අමාත්‍යංශය පැත්තෙන් එහි වන අපහසුතාවයකට විසඳුම් දිය හැකිදැයි සොයා බැලීමය.ක්‍රීඩා ඇමතිකම කාමරයේ සිට සහ අමාත්‍යංශයේ සිට කරන්නට අපහසුය.යම් සංගමයක් රටට වැදගත් වැඩක් කරන විට අමාත්‍යංශය පැත්තෙන් දිය හැකි සහය දී,ඊට ජාතික අනන්‍යතාවයක් තැබීම ක්‍රීඩාවේ ජාතික වගකීම සහිත ක්‍රීඩා අමාත්‍යංශය වගකීමක් ලෙස පවරා ගත යුතුය.එය ඔවුන්ගේ න්‍යාය පත්‍රය වෙනස් කිරීමෙන් නොව එය සාර්ථකව අවසන් කරන්නට සහය දීමෙන්ය.


ඕනෑම මනුස්සෙක් තමන් අතින් වූ වරදකදී ඒ ගැන කණස්සල්ලට පත් වී සමාවෙන්න කීම ඉතා ඉහළ මනුස්ස ගුණාංගයක්ය.අමාත්‍යවරු ඉහළ මනුස්ස ගුණාංග සහිතව හැසිරෙන සහ ඔවුන්ගේ හරහා පත්වන නිලධාරීන් පළමු කොට ඒ බව අවබෝධ කර ගැනීමත් වැදගත්ය.එසේම අමාත්‍යවරුන් පෞද්ගලිකව සහ දන්නා පරිදි මේ පක්ෂය විසින් සිඳු කරන අනුමත කරන විලාශයෙන් කරන පත්වීම් ලෙස කරන සියලු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සිට ආයතනගත පත්කිරීම් ද පත් කරන්නේ රටේ එම විෂයභාර අමාත්‍යවරයාට නිවැරදි දේ දැන කිරීමට සහය වනු පිණිස මිස,තමන්ගේ කාර්යය යනු නිදහසේ තමන්ට අවශ්‍යය තීරණ ගැනීමට නොවේය යන්න නිලධාරි සහ කාර්ය මණ්ඩල දැන සිටිය යුතුය.


තරගාවලිය වර්ණවත්ව සහ සාර්ථකව නිමාවට පත් විණ.එය ජාත්‍යන්තරය ආකර්ශණය කර ගැනීමට ජාතික සංගමයක් කරන ලද ඇගයිය යුතු වැඩකි.එ්ත් ඒ වෙනුවෙන් ආණ්ඩුව පැත්තෙන් බලාපොරොත්තු වූ කිසිඳු සහයක් නොලැබිණ.එ් නිසා එය, ආණ්ඩුව වර්ණවත් කර ගැනීමට හැකිව තිබූ තැනක ආණ්ඩුවේ නිලධාරීන් අසූචි හලාගත්තා වැනි වැඩක්ය.ශාන්ත ජෝෂප් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පිහිට මත,ඒ අසූචි කන්දෙන් රට ගඳ ගස්සන්න නොදී සුවඳවත් පිළිගැනීමක් ලෝකයෙන් රටට ලබා දෙන්නට ශ්‍රී ලංකා බැඩිමින්ටන් විශාල පරිශ්‍රමයකින් ඉනික්බිති සමත් විය.ඉතිං ඒ අයට තුති පුදන්නට හෝ වූ වරදට සොරි කියන්නට මනුස්සකමක් තියෙන දේශපාලන නායකත්වයක් රටේ ක්‍රීඩාවට තිබීම ක්‍රීඩාව ගැන හොඳ බලාපොරොත්තු තබා ගන්නට හේතුවක් වනු ඇත.එසේම විජිත හේරත් අමාත්‍යවරයානම් පළපුරුදු අයෙකු බැවින් තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩාලයේ සහ ආයතනයේ අයගේ හැසිරීම් ගැන ශ්‍රී ලංකා බැඩිමින්ටන්වලට සොරි කියන්නට දෙවරක් නොසිතනු ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan