රෂිකා හෙන්නායක මාර්තු 03, කොළඹ (LNW):
අද උදෑසන 08.30ට පමණ මනම්පිටිය, මගවැලි පාලමට ආසන්නයේදී, මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියක ගැටී තවත් වන අලියෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.
මනම්පිටිය වනජීවී කාර්යාලය පැවසුවේ, එම වන අලිරයා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.
මනම්පිටිය වනජීවී කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ, සෝමාවතී වනෝද්‍යානයේ සිට ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට මාරුවෙමින් සිටි වන අලියෙකු එලෙස දුම්රියේ ගැටී ඇති අතර එම වන අලියා අවුරුදු 25ක් පමණ වයස පිරිමි සතෙකු බවයි.
දුම්රියේ ගැටුණු එම වන අලියා මීටර් 20ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති අතර අනතුරෙන් දුම්රිය සිල්පර කොට කීපයකට හානි සිදුව තිබෙන බවද වාර්තා වේ.
