සටහන – රුවන් නෙළුගොල්ල
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්වය හේතුවෙන් මධ්‍යධරණී කලාපය සහ ගල්ෆ් බොක්ක ආශ්‍රිතව වෙළඳ නෞකා ගමනාගමනය අඩාල වී ඇති නිසා මෙරට තේ ඇතුළු අපනයනවලට බලපෑම් එල්ල වන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
“පැමිණීමට නියමිත වෙලා තිබ්බ නැව්වලට කිසිම බාධාවක් වෙලා නැහැ. නමුත් අපි හිතනවා ඉරානයේ මුහුදු සීමාවක් වසාදැමීම හරහා විශේෂයෙන් නැගෙනහිර සිට බටහිරට යන්න තිබුණු භාණ්ඩ ප්‍රවාහන නැව් කිහිපයක් මේ වෙනකොට කොළඹ වරායේ අවශ්‍ය පහසුකම් සපයා දෙන්න පුළුවන්ද කියන එක විමසලා තියෙනවා. නැගෙනහිර කලාපයේ ඉඳලා බටහිර කලාපයට කාගෝ රැගෙන යන නැව් සඳහා අවශ්‍ය වෙන පහසුකම් ලබාදීම සඳහා අපිට කොළඹ වරාය සහ හම්බන්තොට වරාය පාවිච්චි කරන්න පුළුවන්.
විශේෂයෙන් මධ්‍යධරණී කලාපයත් ගල්ෆ් බොක්ක සීමාවත් තුළ නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම වගේ ඇනහිටලා තිබෙන්නෙ. විශේෂයෙන් වෙළඳ නෞකා ගමනාගමනය මේ දවස්වල අඩාල වෙලා තියෙන්නෙ. ඒ නිසා අපි හිතනවා තේ ඇතුළු එම කලාපයට සිදුවන අපේ අපනයනයන්ට යම්කිසි බාධාවක් සිද්ධවෙයි කියලා. ඒ නිසා එම කලාපයට යොමුකරන තේ ඇතුළු අනෙකුත් අපනයන භාණ්ඩ දැනට වරායට ගේන්න එපා අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා. මැදරට කලාපයේ තේ වැඩි වශයෙන් මිලදී ගන්නෙ මැදපෙරදිග, ඉරානය, ඉරාකය වගේ රටවල්. ඒ තේ අපනයනය සඳහා සැලකිය යුතු බලපෑමක් ඉදිරි දිනවල සිද්ධවෙයි කියලා අපි විශ්වාස කරනවා. අපිට අදාළ ආයතනත් එක්ක සාකච්ඡා කරලා ඒ වෙනුවෙන් විකල්ප ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙයි. දැනට අපිට කියන්න වෙන්නෙ මේ තත්වය පිළිබඳ නිශ්චිත නිගමනයකට එනකල් මේ කාගෝ කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් වළකින්න”
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ය.


