සෞදි අරාබියේ රියාද් හි ඇමරිකානු තානාපති කාර්යාලයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විශාල පිපිරීම් හඬක් ඇසීමෙන් අනතුරුව මෙම ගින්න දක්නට ලැබී ඇති අතර මෙය ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් නිසා සිදුවූවක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Update –

රියාද් හි ඇමරිකානු තානාපති කාර්යාලයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් එම ප්‍රහාරයෙන් සීමිත ගින්නක් සහ සුළු පරිමාණයේ ද්‍රව්‍යමය හානියක් පමණක් සිදුව ඇතැයි එම අමාත්‍යාංශය පවසා ඇති බවත් සඳහන්.