*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

විමල්ලාගේ “හරි මගට” රැස්වීමේදී අතුරලියේ රතන හිමිට විරෝධයක් ! (VIDEO)

ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක් විසින් ඊයේ (02) පැවැත්වූ “මුළු රටම හරි මගට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ වැඩසටහනේදී අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් එම සභාව ඇමතූ අතුරලියේ රතන හිමිට විරෝධයක් එල්ලවනු දැකිය හැකි විය.

ඒ, අපේ ජනබල පක්ෂයේම හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ගෙනි.

රතන හිමියන් සභාව අමතා අවසන් වනවාත් සමගම එහි පැමිණි වේදිනිගම හිමියන් රතන හිමිට එරෙහිව අදහස් දක්වන්නට වූ අතර සභාවේ සිටි සෙසු ප්‍රබල භික්ෂූන් වහන්සේලා පිරිසක් මැදිහත්ව එහිමියන්ව ශාලාවෙන් ඉවතට රැගෙන යන ආකාර ද දක්නට ලැබිණි.

ශාලාවෙන් ඉවතට ගෙන ගිය පසුව පිටත හිඳිමින් අදහස් දැක්වූ වේදිනිගම හිමියන් පැවසුවේ බෞද්ධයින්ගේ ඡන්දවලින් පාර්ලිමේන්තු ගියත් රතන හිමියන් මෙතෙක් තම පක්ෂයට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් කිසිවක්ම කර නොමැති බවත් එහිමියන් මෙම රැස්වීමට ද සභාගී වෙමින් කරන්නේ කොන්ත්‍රාතුවක් පමණක් බවත් ය. රතන හිමියන්ගේ එකම අරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ආරක්ෂා කර ගැනීම මිස ජනතාවට කිසිදු සේවයක් කිරීම නොවන බවට ද වේදිනිගම හිමියන් එහිදී චෝදනා කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan