*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ජනාධිපතිතුමා අවශ්‍ය නියෝග දීලා තියෙන්නෙ. ජනතාව කලබල වෙලා ටැංකි පුරවාගන්න හදන්න එපා – ජොනී

ඉදිරි මාසයක කාලය සඳහා අවශ්‍ය කරන ඉන්ධන අඛණ්ඩව සැපයීමට අවශ්‍ය නියෝග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඊට අවශ්‍ය මුදල් ද සපයා ඇති බැවින් ජනතාව කලබලයට පත්විය යුතු නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“අඛණ්ඩව තෙල් සපයන්න අවශ්‍ය කරන නියෝග ටික ජනාධිපතිතුමා දීලා, අවශ්‍ය කරන මුදල් ටික හොයලා දීලා තියෙනවා. අද නැවක් ඇවිල්ලා තියෙනවා, ඒ නැව බාන්න ගත්තාම ඊළඟට අනිත් මුළු මාසෙටම අවශ්‍ය කරන ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා අවශ්‍ය කරන සියලුම තීන්දු තීරණ ගත්තා”

ප්‍රශ්නය – ඩොලර් තියෙනවාද ඒ කියන්නෙ මේවාට ගෙවන්න ?

“ගෙවන්න තියෙන හින්දානෙ දීලා තියෙන්නෙ. ඒ අවශ්‍ය කරන දේවල්වලට ජනාධිපතිතුමා සෘජු තීන්දු තීරණ අරගත්තා අගමැතිතුමාත් මුදල් ඇමතිතුමාත් එක්ක වාඩිවෙලා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඉදිරියේදී ජනතාවට පෝලිමේ ඉන්න අවශ්‍යතාවයක් ඇතිවෙන්නෙ නැද්ද ?

“නෑ, අවශ්‍යතාවයක් වෙන්නෙ නෑ. අපි ජනතාවටත් කියන්නෙ කලබල වෙලා ගිහිල්ලා ඉවරවෙලා ටැංකි පුරවාගන්න හදන්න එපා”

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan