*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ප්‍රවර්ධනය කරමු

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනයට කර්මාන්තපුරයක් ඇරඹීමට කටයුතු මේ වන විට යොදා ඇත. මේ වසර අවසන් වීමට ප්‍රථම බදුල්ල නගර සීමාව තුළත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනේ. එමගින් ඌව පළාත තුළ තවදුරටත් රජ කරන දුගීභාවය පහත හෙළීමට හැකි වනු ඇත. ඌව පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංවර්ධන සංවිධානය (USDO) විසින් කැදවා තිබූ ඌව පළාත් ව්‍යාපාරික සමුළුව (Uva Business Summit 2022) පසුගිය ද පවත් විය. අපේ රටේ ‘සිවිල් සංවිධාන’ නමින් මෙම රටට බාල්දි පෙරළන සංවිධාන නම් ඕනෑවටත් වඩා ඇත. රටේ නිෂ්පාදකයන්ගේ හැකියාව වර්ධනය කරන සංවිධාන ඇත්තේ අතලොස්සයි.

දේශීය නිෂ්පාදන බලගැන්වීමට බල කෙරී ඇති මෙවන් මොහොතක නිෂ්පාදකයාගේ හැකියාව වර්ධනය කරන සංවිධාන මේ රට වැඩි වැඩියෙන් ඉල්ලා සිටි.එම රික්තකය සම්පූර්ණ කිරීමට ඌව පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංවර්ධන සංවිධානයට හැකියාව ලැබී ඇත. මහියංගණයට,බදුලු නගරයට කර්මාන්තපුර 02ක්’ඌව පළාත ගැන කියැවෙන්නේ දුගීභාවය රජ කරන පළාතක් විදිහට. ඒ තත්ත්වය වෙනස් කරලා ඌව පළාතට ගෞරවයක් ලැබෙන ආකාරයට කටයුතු කිරීමට නම් මෙම පළාතේ කර්මාන්ත ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.

අද ඇතැම් ගායකයන් ඉන්නේ සමාජ මාධ්‍යවල පමණයි. ඔවුන්ගේ ගීත තිබෙන්නේ ඔවුන්ගේ යූටියුබ් නාලිකාවල පමණයි. ඔවුන්ගේ ගීත පිළිගත් සම්මත මාධ්‍යවලට ඔවුන් රැගෙන යන්නේ නැහැ. සමාජ මාධ්‍ය තුළ ඔවුන් ඉහළ මට්ටමේ ආකර්ෂණයක් දිනාගත්තාම පිළිගත් සම්මත මාධ්‍ය ඔවුන්ට වැඳලා හරි අවසර අරගෙන ඒ ගීත විකාශය කරනවා. නමුත් ඒක කාලයක් තිබුණා ඔය පිළිගත් සම්මත මාධ්‍යයන්හි ගීතයක් ප්‍රචාරය කරවා ගන්න එම මාධ්‍ය ආයතනවල කීපදෙනෙකුටම පගාව දීමට සිදුවන. එහෙම පගාව දීලත් ගීතය එකපාරක් ප්‍රචාරය කරවා ගත්තට වැඩක් නැහැ. එමඟින් විශාල සමාජ ආකර්ෂණයක් දිනා ගැනීමට බැහැ. අනික පිළිගත් මාධ්‍ය තුළ හැකියාව පෙන්නුවාම ඒක ලංකාවට පමණක් සීමා වෙනවා. සමාජ මාධ්‍ය තුළ අවකාශයක් දිනාගත්තාම එය ලංකාවෙන් එහාට ලෝකය පුරාම යනවා. අද හොඳ නිර්මාණයක්, නිෂ්පාදනයක් එසේ ලෝකය පුරාම පැතිරෙනවා.

‘නිෂ්පාදනය හා බැඳුණු කතාව’අද විශේෂයෙන් යුරෝපා වෙළඳපොළ තුළ නිෂ්පාදනයට වඩා විකිණෙන්නේ ඒහා බැඳුණු කතාවයි. ‘උස තේ ගසක හැදුනු තේ’ කීවාම එතැන ‘උස’ කියන එකත් විකුණනවා. එතැන විකිණෙන්නේ තේ කොළ නොවෙයි, එම උස තේ ගස පිළිබඳ කියැවෙන කතාවයි. හරි විදිහට කතාවක් ගොඩනැගුවොත් අද ‘ගල් කැටයක්’ වුවත් විකුණාගන්න පුළුවන්.
අද ලෝකයේ විශේෂයෙන් තරුණ පරම්පරාව කාබනික ආහාර ඉතා උනන්දුවෙන් පරිභෝජනය කරනවා, ඔවුන් සත්ව හිංසනයට එරෙහි නිසා සත්ත්ව සම් යොදාගත් නිෂ්පාදන ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් අතර ඊට විකල්ප වශයෙන් නිපදවන භාණ්ඩ සඳහා වැඩි ආකර්ෂණයක් තිබෙනවා. එම නව වෙළෙඳපොළ ප්‍රවණතාවන් අපි නිවැරදිව හඳුනාගත යුතුයි. එවිට අපට තීරණය කළ හැකියි අපි කළ යුතු නිෂ්පාදනය කුමක්ද, කියා. ඔබේ ජීවිතය වෙනස් කරනු ලබන්නේ ඔබ ගන්නා තීරණවලිනුයි. ඔබ දිනන්නේ හෝ පරදින්නේ ඔබ ගන්නා තීරණ අනුවයි. හරි තීරණය හරි වෙලාවට ගතහොත් හරි.

ඒ අනුව අපට පැහැදිලියි, හරි තීරණයක් ගත්තොත් ඊළඟට එන අභියෝග ජය ගැනීමට අපහසු නොවනු ඇත. අපි අතීතයේදී අසා තිබෙනවා, රුපියල් දහයක් අරගෙන කොළඹ ඇවිත් දියුණු වුණ මිනිස්සු ගැන. දැන් මිනිස්සුන්ට පුළුවන් රුපියල් දහයක් අරන් කොළඹ එන්නේ නැතිව, ගෙදර සිටම දියුණු වෙන්න. අද හරියට හිතුවොත් තමන්ගෙ ගෙදර මේසය උඩ තමන්ගේ නිෂ්පාදනාගාරය නිර්මාණය කරගැනීමට පුළුවන්. ඒ නිසා අපි මෙම නව අවකාශය හරියට අත්පත් කරගත යුතුයි. මේ වගේ වැඩසටහන් වැදගත් වන්නේ ඉහත අවකාශය හරියට අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය අවබෝධය නිෂ්පාදකයාට ලබාදීමටයි.

නිෂ්පාදකයෙක් කියන්නේ අගය එකතු කරන්නෙක්. ඔහු අගය එකතු කරන්නේ රටට. ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ප්‍රවර්ධනය කරමින්, රටට අගය එකතු කරන නිෂ්පාදකයාට අවශ්‍ය සියලු ආකාරයේ සහයෝගය ලබාදීමට රජය ද හැම විටම සුදානම් සිටින බව සිහි කැදවිය යුතුය.

~ ශම්මි ~ Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan