*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය වර්ජනය දින 10 කට අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය හෙට පෙරවරු 08 සිට තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව දින 10 කට වර්ජනය අත්හිටුවන බවයි වෘත්තීය සමිති පවසන්නේ.

ඊයේ රාත්‍රී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී ලේකම්වරයා දැක්වූ ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් සහ රටම මුහුණ දී සිටින බලශක්ති අර්බුදය සැළකිල්ලට ගනිමින් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි වෘත්තීය සමිති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

වර්ජනය අත්හිටුවමින් වෘත්තීය සමිති නිකුත් කළ නිවේදනය….

සෞඛ්‍ය සේවාවන් පෞද්ගලික අංශය වෙත යැවීමෙන් ලැබෙන කොමිස් මුදල සහ වෙනත් වරදාන, සංකේත වර්ජන ක්‍රියාමාර්ග සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම ප්‍රතිචාර නොදැක්වීම හේතුවක් වී ඇති අතර, ඒ හේතුවෙන් ඇතැම් සෞඛ්‍ය බලධාරීන් වුවමණාවෙන්ම වර්ජන ඇති කිරීමට පොළඹවන තත්වයක් ද ඇතිව තිබේ.

මේ පිළිබදව දැඩි අවධානය යොමු කරමින්, ආරම්භ කරන ලද වර්ජනය, අද දින අඛණ්ඩව සිදු කිරීම සදහා තීරණය කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විශේෂ විධායක සභාව අද උදෑසන රැස් වීය.

කෙසේ නමුත් ඊයේ රාත්‍රියේදී සෞඛ්‍ය ලේකම් වරයා හදිසි සාකච්චාවක් කැදවා දැක්වූ ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින්ද, විදුලිය හා තෙල් අර්බුධය හේතුවෙන් මහ ජනතාව ලක් වී ඇති පීඩාවද සැලකිල්ලට ගනිමින් වර්ජන ක්‍රියාමාර්ග හෙට උදෑසන 8සිට, දින දහයකට තාවකාලිකව අත් හිටු වීමට තිරණය කරන ලදී.

එසේම එකම කාරණයක් සදහා ඉල්ලීම් කරන පාර්ශව අතුරින්, තම දේශපාළණ හිතෛෂී සංගම් පමණක් කැදවමින් විවිධ තීරණ ගැනීම ආණ්ඩුවේ විලාසිතාවක් බවට පත් වී ඇති අතර, වෘත්තීය සමිති වලට ඇති ස්වාධීන බවට එරෙහිවන එම ප්‍රතිපත්තිය අප තරයේ හෙලා දකිමු.

එමගින් ගැටලු විසදීමට ඇති හැකියාව තවදුරටත් අවුල් සහගත තත්වයට පත්ව තිබෙන අතර, එම ක්‍රමවේදය නිවැරදි කරන ලෙස දැඩිව ඉල්ලා සිටිමු.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan