අධ්‍යාපනයේ විශාල වෙනසක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 03, කොළඹ (LNW): අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් සංඛ්‍යාව හතක් දක්වා අඩු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයීමකට ලක් කිරීමට පියවර ගන්නා බවයි.

තවද, කිසිදු දරුවෙක් සාමාන්‍ය පෙළ අසමත් නොවන අයුරින් සහ උසස් පෙළ ශ්‍රේණිවලදී තමන්ට අභිමත සහ කුසලතා දක්වන විෂය ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට පියවර ගන්නා බව ද ඔහු මෙහිදී පෙන්වා දී ඇත.

මෙවර උසස් පෙළට පෙනී සිටි 3,37000ක සිසුන් අතරින් සිසුන් 50,000කට ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය හා මාර්ගෝපදේශනය පිළිබඳ පුහුණුවක් ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත.

ලබන 05 වන දා සිට දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 300ක මෙම පුහුණු වැඩසටහන පැවැත්වෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියට්නාමයට බලපෑ ගංවතුර හේතුවෙන් 90 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වියට්නාමයට දින...

‘මර්දනය ඇති’: Kais Saied ට එරෙහිව ටියුනීසියානුවන් දහස් ගණනක් විරෝධතා දක්වයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපතිවරයාගේ විසම්මුතියට එරෙහි...

රැල්ල හැරිලා ඉවරයි

විපක්ෂයේ පළමු විරෝධයම අති සාර්ථකයි. මම වුණත් මුලින් හිතුවේ...

ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 24 දෙනෙකු ඝාතනය වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා විසින්...