*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

නෙත්මි නේපාල අත්දැකීම්වලින් පකිස්තානයේදී යළි බැබලෙන ලකුණු

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 04, කොළඹ (LNW): පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවත්වෙන දකුණු ආසියාතික අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ බැඩිමින්ටන් සූරතාවලියේ දී වයස් කාණ්ඩ දෙකේම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, කණ්ඩායම් තරගවලදී ආරම්භක දිනයේ දී ශ්‍රී ලංකාව ජයග්‍රාහී පෙරමුණට ගෙන ආහ. ඉකුත් වසරේ ශ්‍රී ලංකාව නියේාජනය කරමින් නේපාලයේ පැවති තරගාවලියේ දි අවුරුදු 17 න් පහළ තරග අංශයෙන් රනිත්මා ලියනගේ පෑ දසක්ම සිහියට නංවමින්,එවර අවුරුදු 15 න් පහළ ක්‍රීඩිකාවක ලෙස කැපී පෙණුන නෙත්මි රත්නායක මෙවර 17 න් පහළ තරග අංශයේදී ඉහළ දස්කම් දැක්වීමට සූදානම් බව ඊයේ දවස තුළ පැහැදිළි කළාය.


අවුරුදු 17 න් පහළ තරග අංශයේදී ශ්‍රී ලංකාව නේපාලය පරාජය කළ අතර නෙත්මි රත්නායක එහිදී කාන්තා කේවල තරගයද,ලුක්ෂානා කුමාර් සමඟ බාලිකා යුගල තරගයද,මිහිල බණ්ඩාර සමඟ මිහ්‍ර යුගල තරගයද ජය ගැනීමට සමත් විය.තේජන හේරත් බාලක කේවල තරගය ජය ගැනීමෙන් ඉනික්බිතිව,බාලක යුගල තරගය මිහිල බණ්ඩාර සමඟ එක්ව ජය ගැනීමට සමත් විය.ඒ අනුව නේපාලයට එරෙහි සමස්ත ප්‍රතිපලය 5- 0 ක් ලෙස රඳවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදරියට යාමට සමත් විය.


වයස අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩයේ දී ශ්‍රී ලංකාව නේපාලය 5-0 න් පාජය කළ අතර ඔවුන්ට පකිස්තානයට එරෙහිවද සටන් කරන්නට සිඳු විය.පකිස්තානය සමඟ පැවත් වූ තරගයේදී ශ්‍රී ලංකාව එක තරගයක් පරාජය වූ අතර එම පරාජයේ හිමිකරු වන්නට අමාවන් අමරසිංහට සිඳු විය.එම පරාජිත කරගයේදී අමාවන් වට 1-2 ක් ලෙස පරාජයට පත් වුණේ පකිස්තානයේ අබ්දූල් හසීබ් ඉදිිරියේ ය.එම තරගයේ හසීබ් ජය ගත්තේ ලකුණු 11 – 21,21 -18 ක් සහ 21 – 15 ක් ලෙසය.


මෙම වයස් කාණ්ඩයේ කැපී පෙනෙන දස්කම් දැක් වූයේ තෙනුකි අයන්ත් ද සිලවා ය.ඇය කේවල බාලිකා තරගයද,තෙනුරි ජනන්ගා විද්‍යාතිලක සමඟ එක්ව බාලිකා යුගල තරගයද,අමාවන් සමඟ බාලක යුගල තරගයද ජය ගනිමින් එම තරග අංශයේ මේ වන විට කැපී පෙණෙනම ක්‍රීඩිකාව වී සිටින්නීය.
මෙවර තරගාවලිය සඳහා සූරතාව වෙනුවෙන් සත්කාරක පකිස්තානය,නේපාලය සහ මාල දිවයින සමග ගැටෙන්නට ශ්‍රී ලංකාවට සිඳු වනු ඇත.මෙවරත් ඉන්දියාව මේ තරගාවලිය නියෝජනය කරන්නේ නැත.මේ සමඟ වන ඡායාරූපයේ දැක්වෙන්නේ නෙත්මි රත්නායකය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan