ෆොනීගේ නඩුව – සජබට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

Date:

සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම, තනතුරු අත්හිටුවීම හෝ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබුණු වාරණ නියෝගය යළි දීර්ඝ කර තිබේ.

ඒ, තමන්ව තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කර ඇති පෙත්සම අද (04) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

මෙම වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ නීතීඥවරුන් අද දිනයේදී මූලික විරෝධතාවක් ගොනු කළ අතර අධිකරණය නිවේදනය කළේ මාර්තු 19 වනදා එම මූලික විරෝධතා සම්බන්ධයෙන් සලකා බලන බවත් එදින තෙක් වාරණ නියෝගය දීර්ඝ කරන බවත් ය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු වෙත මෙම වාරණ නියෝග නිකුත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...