මූල්‍ය වංචාවකට වැඩතහනම් වුණු කෙනෙකුත් ඉදිරි පෙළ කැබිනට් ඇමතිවරු අතර ඉන්නවා – රාසමානික්කම් හෙළිකරයි

Date:

පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පුද්ගලයෙකු වත්මන් ආණ්ඩුවේ ඉදිරිපෙළ කැබිනට් ඇමතිවරයකු වශයෙන් සිටින බව ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් පවසයි.

“දැනටත් මේ වංචා දූෂණ සිදුවෙනවාද මෙහෙම්මම ? මොකද මේවා අහන්න අපට පැහැදිලි සැකයක් තියෙනවා. මම පෞද්ගලිකව කාටවත් මඩ ගහන්න කැමති නෑ, ඒක නිසා මම නම සඳහන් කරන්නෙ නෑ, මේ ඉදිරිපෙළ වාඩිවෙලා ඉන්න කැබිනට් ඇමතිවරයෙක්ට පොහොර සංස්ථාවේ වැඩකරනකොට මූල්‍ය වංචා දූෂණ කිරීම පිළිබඳ වැඩතහනම් වෙච්ච පුද්ගලයෙක් මේ ඉස්සරහා පේළියේ වාඩිවෙලා ඉන්නවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමති ඉන්නකොට එයාව ගෙනාවේ. ඊටපස්සෙ පොහොර සංස්ථාවේ ඉඳලා මූල්‍ය වංචාවකට අහුවුණු කෙනෙක්. ඕනෙ නම් නියෝජ්‍ය කථානායකතුමා නහයෙන් පෙන්වන්න. මම නෙවෙයි පෙන්වන්න ඕනෙ. ඉතින් මේ මූල්‍ය වංචා කරපු කට්ටිය දැන් මේ සභාව ඇතුළෙ වැදගත් තනතුරුවල ඉන්නකොට අපට පැහැදිලි සැකයක් ඇතිවෙන එක ඉතාම සාධාරණයි. අපට ඉතාම පැහැදිලි සැකයක් එනවා, මොකද, මේ සුළං බලයෙන් එකතු වෙන්න තියෙන ඒවා නවත්වනවා. හිඟයක් එනවා කියලා කියනවා. එතකොට අනිවාර්යයෙන් හදිසි මිලදි ගැනීම් ගිවිසුමකට ගිහිල්ලා කාටහරි හොඳ කුට්ටියක් හොයාගන්න පුළුවන්. ඒක නීතිය පිළිබඳ ඇමතිතුමාත් කිව්වා ඒගොල්ලන්ගෙ දේශපාලන සංස්කෘතිය පක්ෂය පෝෂණය කිරීම කියලා. ඉතින් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය පෝෂණය කරන්න ජනතා සල්ලි හොරකම් කිරීමේ ප්‍රවේශයක් මේ ආණ්ඩුවත් ගන්නවා කියන නිගමනයකට අපට එන්න පුළුවන්. ඒක වැරදි නෑ, මොකද ඒ තියෙන තත්වය අනුව කියන්නෙ”

රාසමානික්කම් ශානක්කියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (03) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...