ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් අනතුරට පත් ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවෙන් පුද්ගලයන් 140ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 140 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 75) පමණ දුරින් ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නම් නෞකාව මෙලෙස අනතුරට ලක්ව ඇත. එහි පුද්ගලයින් 180 ක් පමණ සිටි ඇති අතර ඉන් 32 දෙනෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා ගල්ල කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇත.

ඉරාන නෞකාව පසුගිය මාසයේ නැගෙනහිර ඉන්දියාවේ වෙරළබඩ නගරයක් වන විශාකාපට්නම් හි පැවති 2026 ජාත්‍යන්තර නාවික බලඇණි සමාලෝචනයට සහභාගී වී ආපසු යමින් සිටියදි අනතුරට ලක්ව ඇති අතර ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් අද(04)මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබුණේ, නෞකාව අනතුරට ලක්ව ඇති බවට නාවික හමුදාවට තොරතුරු ලැබුණු බවත් රජය ගලවා ගැනීමේ මෙහෙයුමක් සඳහා නැව් සහ ගුවන් හමුදා ගුවන් යානා යවා ඇති බවත්ය.