ශ්‍රී ලංකා මුහුදේ ඉරාන නෞකා අනතුර ගැන විදෙස් මාධ්‍ය පළ කළ පුවත් නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක මාර්තු 04, කොළඹ LNW :

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත් ඉරාන නෞකාව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පළ කළ ප්‍රහාරයක් එල්ල වූ බවට වන පුවත් නාවික හමුදාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ දැනට සිදුකර ඇති මෙහෙයුම් මඟින් පුද්ගලයින් 32 දෙදෙනෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි.

අදාළ නෞකාව මුහුදුබත් වී ඇති බව තහවුරු වී ඇති අතර, මියගිය නාවිකයින් කිහිපදෙනෙකුගේ සිරුරුද සොයාගෙන තිබේ.

බලධාරීන්ගේ මූලික අවධානය ජීවිත ආරක්ෂා කිරීම කෙරෙහි යොමුව ඇති අතර, නෞකාව ගිලී යාමට හේතුව පිළිබඳ විධිමත් විමර්ශනයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

මෙම සිදුවීමට අදාළ වැඩිදුර තොරතුරු අනතුරින් දිවි ගලවා ගත් පිරිසගෙන් ලබා ගැනීමට කටයුතු කරමින් පවතී.