ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියානු රුපියල් මුදල් ඒකකයෙන් සාර්ථක වෙළඳ ගණුදෙනුවක්

Date:

ඉන්දීය රාජ්‍ය බැංකුවේ ශ්‍රී ලංකා ප්‍රධානි රවින්ද්‍ර කුමාර් ජා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියානු රුපියල් මුදල් ඒකකයෙන් සාර්ථක වෙළඳ ගණුදෙනුවක් සිදු වූ බවයි. ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් ශ්‍රී ලංකා රුපියල් මුදල් ඒකකයෙන් ආනයනය සඳහා මුදල් ගෙවූ බවත් එම මුදල් සාර්ථකව ඉන්දියානු රුපියල් මුදල් ඒකකයට හුවමාරු වී ඉන්දීය අපනයනකරුවන්ට ලැබුණු බවත් කුමාර් ජා මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ශ්‍රී ලංකාව සහා ඉන්දියාව අතර වෙළඳ කටයුතු සඳහා ඉන්දියානු රුපියල යොදා ගැනීම සම්බන්ධයෙන් පැවැති වැඩසටහනක දීය.

මුදල් රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, ආනයන සීමා කිහිපයක් ලිහිල් කිරීමට රජය කටයුතු කළත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වන තෙක් සියලුම සීමා ලිහිල් කිරීමට හැකියාවක් නොමැති බවයි.

ආනයන සීමා පැනවීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් විදෙස් සංචිත නොමැති වීම හේතුවෙන් ආනයන සීමා පැනවීමට කටයුතු කළ බවත් සේමසිංහ මහතා පෙන්වා දුන්නේය. ආර්ථිකය ස්ථාවර වූ පසු සහ විදෙස් සංචිත ප්‍රමාණවත් පරිදි ඉහළ ගිය පසු ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

නමුත් ඒ සඳහා තවත් මාස කිහිපයක් ගත විය හැකි බවත් ආනයන සීමා ලිහිල් වන කාල සීමාවන් පිළිබඳ දින වකවානු ප්‍රකාශ කළ නොහැකි බවත් සේමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් ඇතුළුව පිරිසක් රැසක් සහභාගී වූහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...