ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රිය කරන්න – ජනපති

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රියකර ජාතික ආර්ථිකයට එක්කිරීමේ කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාවට නංවන ලෙස විෂයභාර අමාත්‍යවරයාට හා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

ජනාධිපතිවරයා මෙම උපදෙස් දී තිබුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 61කින් සමන්විත ඉහළ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණයට ඊයේ (03) දහවල් පැමිණි අවස්ථාවේදීය.

දෙවන ලෝක යුද සමයේදී බෝම්බ ප්‍රහාරයට ලක්වූ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණයට ද ජනාධිපතිවරයා එක්වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු ඔයිල් සමාගමේ කර්මාන්තශාලාවට ද පැමිණියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...