*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

හොර රහසේ රටට ආවේ අමෙරිකානු CIA ප්‍රධානියාද??

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටින්නේ හොර රහසේ මෙරටට පැමිණ පැය කිහිපයක් ඇතුළත යළිත් පිටවී ගොස් ඇත්තේ අමෙරිකානු CIA ප්‍රධානියා බවත්, ඔහු විසින් ශ්‍රී ලංකාවට භයානක යෝජනා 04ක් ඉදිරිපත් කර ඇති බවය.

ඒ පිළිබඳ පැවසූ උදය ගම්මන්පිල මහතා,

“අපිට තිබෙන නොනිල තොරතුරු අනුව අමෙරිකාවේ රහස් ඔත්තු සේවය වන CIA ප්‍රධානියා තමයි මේ අභිරහස් ලෙස ශ්‍රී ලංකාවට ඇවිත් පැය කිහිපයක් ගත කරලා ගිහින් තියෙන්නේ.”

“අපේ රටේ ජාතික ආරක්ෂාව දැවැන්ත අනතුරකට හෙළන භයානක යෝජනා 4ක් මේ දූත පිරිස ආණ්ඩුවට ඉදිරිපත් කරලා තියෙනවා.”

“පළමු එක තමයි ශ්‍රී ලංකාවට ලැබෙන සියලුම බුද්ධි තොරතුරු අමෙරිකාව සමග බෙදා ගන්න බුද්ධි තොරතුරු විශ්ලේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවන්න.”

“දෙවන එක තමයි ජීව දත්ත මත ආගමන පාලක පද්ධතියක් අපේ ගුවන්තොටුපොළවලට අමෙරිකාවෙන් තෑගි කිරීම. දත්ත බැංකුවට අමෙරිකාවට ප්‍රවේශ වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඇඟිලි සලකුණු, ඇස්වල රටාව සහ කෙස් රටාව… මේවා පිළිබඳ දත්තවලට අමෙරිකාවට ප්‍රවේශය දිය යුතුයි කියලා යෝජනාව කරලා තියෙනවා.
මෙවැනි පද්ධතියක් ලංකාවේ අමෙරිකාවෙන් දුන් තැග්ගත් ලෙස සවි කළොත් ශ්‍රී ලංකාවට තමන්ගේ පුරවැසියන් එනවට රුසියාව, චීනය, ඉන්දියාව වැනි ලොව අනෙකුන් බලවතුන්ගේ අකමැත්ත පළ වෙන්න පුළුවන්.”

“ශ්‍රී ලංකාව ලෝකයේ අන් රටවල් සමග ජාත්‍යන්තර දුරකථන ඇමතුම් සහ දත්ත හුවමාරුව සිදුකරන්නේ ද මුහුද යටින් ගමන් කරන විදුලි සංදේශ රැහැන් හරහා. මේ රැහැන හරහා යන දත්ත ලබා ගන්නත් දුරකථන ඇමතුම්වලට රහසේ සවන් දෙන්නත් අමෙරිකාවට අවශ්‍ය පහසුකම් සපයන්න කියලා ඉල්ලා තියෙනවා.”

“ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට අනාගතයේ එල්ලවිය හැකි ත්‍රස්ත ප්‍රහාර ගැන කලින් අනතුරු ඇඟවීමේ වගකීම අමෙරිකාව බාර ගන්නවා කියලා.”

“සිව්වන යෝජනාව තමයි සෝෆා ගිවිසුම යළි අත්සන් කිරීම. අමෙරිකාවේ මේ යෝජනාවට නම් ජනාධිපතිතුමා ස්ථිර වචනයක් දීලා නැහැ.. කියලා තමයි අපට ආරංචි. 2017දී කරන්න ගිහිල්ලා වින්ඳ දුක් ගැහැට එතුමට සිහිපත් වෙන්න ඇති.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan