ජී එල් ට පොහොට්ටුව අහිමි වෙයි…

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, විධායක සභාව පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදී , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉවත් කිරීමට පක්ෂ විධායක සභාව තීරණය කර ඇති බවයි .
නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ නව සභාපති ධුරය සඳහා තෝරා ගැනීමට නියමිත පුද්ගලයා සම්බන්ධයෙන් යෝජනා 2ක් මේ වනවිට සලකා බලමින් ඇති බවයි .

ඒ සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවත් සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයකු නව සභාපති ලෙස පත් කිරීමට තවත් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවත් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ය.

ඉක්මනින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂවලට සම්බන්ධ වු සෙසු පිරිසද පක්ෂයේ මෙතෙක් දරමින් සිටි සියලු තනතුරුවලින් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ලා,නාමල්ලා කොළඹ බලය අල්ලන්න කතා කරන එකම කොළඹ ජනතාවට කරන අසාධාරණයක්!

කොළඹ LNW:කොළඹ ජනතාව දී තිබෙන ජන වරම අනුව විපක්ෂය...

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...