ආණ්ඩුව ෂෝ ගහනවා – සංචිත වැඩිවෙන්නේ ණය ගෙවන්නේ නැති නිසා (VIDEO)

Date:

මේ වන විටත් පසුගිය වසරට වඩා බදු ආදායම දෙගුණයක් වී ඇති අතර ආණ්ඩුව මුදල් නෑ කියන කතාව බොරුවක් බව පෙන්වා දිය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ආණ්ඩුව රට බංකොලොත් කළේ නම් ආණ්ඩුව දමා යාම හැර මැතිවරණ කල් දැමීම විසඳුමක් නොවන බවයි කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රට බංකොලොත් කර එය ජාත්‍යන්තරයට ප්‍රකාශ කළ එකම ආණ්ඩුව ද මෙය බව හෙතෙම කියා සිටියි.

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන මුදලට මෙන් තුන්ගුණයක් යහපාලන කාලය අවසාන වී වත්මන් ආණ්ඩුවට රට භාර දෙන විට සංචිත ලෙස පවතී නමුත් ආණ්ඩුව සියල්ල හිස් කර තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කෙසේවෙතත් දැන් විදෙස් සංචිත වැඩි වී ඇති බවට ප්‍රකාශ කළද එය සැබෑ වැඩිවීමක් නොවන බවත් ණය නොගෙවීම නිසා එවැනි වැඩි වීමක් පෙන්නුම් කරන බව හෙතෙම කියා සිටියි.

ඒ අනුව ෂෝ ගසමින් සිටින බව කිරිඇල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...