රටම හරි මගට ගන්න ගිය දොලවත්තට විදුරට මොකද වෙන්නෙ ? – තීරණය අද

0
888

මෛත්‍රී-විමල්-ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 කණ්ඩායම පසුගිය 03 වැනිදා සංවිධානය කළ රැස්වීම සඳහා සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම, දොලවත්ත මන්ත්‍රීවරයා සිය කණ්ඩායමෙන් ඉවත් කිරීමටද තීරණය කර තිබේ.

මේ අතර රාජ්‍ය ඇමතිවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමේ සූදානමක් පිළිබඳවද වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැස්වීමේදී තීරණය කරන බවයි එහි ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසන්නේ. ඔවුන් දෙදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට පක්ෂය තීරණය කළහොත් ඊට අදාලව විනය පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවද ලේකම්වරයා පවසනවා.

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඇමති ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නිවැරදි තීරණයක් ලෙස පිළිගන්නා බවද පොදුජන පෙරමුණේ ලේකම්වරයා පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here