ඇමතිවරු දෙන්නෙක් අයින් කරලා ප්‍රශ්න විසඳන්න බැහැ. ආණ්ඩුවම ගෙදර යන්න – JC (VIDEO)

Date:

ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කර රට මුහුණ දී සිටින ප්‍රශ්න විසඳිය නොහැකි අතර එය කිරීමට නම් ආණ්ඩුවම ගෙදර යා යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවසුවේය.

අද පෝලිම්වල සිටින ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ එය බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (04) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඉවත් කළේ රටේ ප්‍රශ්න විසඳීමට නොව ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින ප්‍රශ්න විසඳා ගැනීමට බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ වන විට ආණ්ඩුව සිය නොහැකියාව පෙන්වා හමාර අතර පැය හතක් විදුලිය කැපීමට තීරණය ගත් ඇමති දැන් රටේ බලශක්තිය භාර ගෙන ඇති බවත් විදුලි බලය භාරගත් ඇමතිනියත් කොරෝනා කාලේ කළ දේවල් මතක ඇති බවත් අලවතුවල මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...