අරුන්දිකත් යළි දිවුරුම් දෙයි

0
260

පසුගිය පෙබරවාරි 01 වැනිදා රාගම වෛද්‍ය පිඨයේ පිරිමි නේවාසිකාගාර පරිශ්‍රයේ ඇති වූ ගැටුම හේතුවෙන් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා යළිත් එම අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ඔහු යළි දිවුරුම් දී ඇත්තේ.

රාගම වෛද්‍ය පිඨයේ පිරිමි නේවාසිකාගාර පරිශ්‍රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අරුන්දික ප්‍රනාන්දු මහතාට හා ඔහුගේ පුත්‍රයාට චෝදනා එල්ල වූ අතර ඒ පරීක්ෂණයක් වනතුරු අරුන්දික ප්‍රනාන්දු මහතා රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමටයි කටයුතු කළේ.

ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ඊයේ දින ජනාධිපතිවරයා වෙත ලැබී තිබුණු අතර එම සිද්ධියට අරුන්දික ප්‍රනාන්දු මහතාගේ කිසිදු අනුදැනුමක් හෝ බලපෑමක් සිදුව නොමැති බව දක්වා ඇත.

සිද්ධියට අදාළ සියලු කරුණු විමසීමෙන් අනතුරුව අරුන්දික ප්‍රනාන්දු මහතා නිර්දෝෂී පුද්ගලයෙකු ලෙසයි එම කමිටුව නිර්දේශ කර ඇත්තේ.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙනුයි එම කමිටුව පත්කර තිබුණේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here