අරුන්දිකත් යළි දිවුරුම් දෙයි

Date:

පසුගිය පෙබරවාරි 01 වැනිදා රාගම වෛද්‍ය පිඨයේ පිරිමි නේවාසිකාගාර පරිශ්‍රයේ ඇති වූ ගැටුම හේතුවෙන් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා යළිත් එම අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ඔහු යළි දිවුරුම් දී ඇත්තේ.

රාගම වෛද්‍ය පිඨයේ පිරිමි නේවාසිකාගාර පරිශ්‍රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අරුන්දික ප්‍රනාන්දු මහතාට හා ඔහුගේ පුත්‍රයාට චෝදනා එල්ල වූ අතර ඒ පරීක්ෂණයක් වනතුරු අරුන්දික ප්‍රනාන්දු මහතා රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමටයි කටයුතු කළේ.

ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ඊයේ දින ජනාධිපතිවරයා වෙත ලැබී තිබුණු අතර එම සිද්ධියට අරුන්දික ප්‍රනාන්දු මහතාගේ කිසිදු අනුදැනුමක් හෝ බලපෑමක් සිදුව නොමැති බව දක්වා ඇත.

සිද්ධියට අදාළ සියලු කරුණු විමසීමෙන් අනතුරුව අරුන්දික ප්‍රනාන්දු මහතා නිර්දෝෂී පුද්ගලයෙකු ලෙසයි එම කමිටුව නිර්දේශ කර ඇත්තේ.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙනුයි එම කමිටුව පත්කර තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...