ඔබත් දකුණු කොරියාවේ කෘෂි අංශයේ රැකියා සඳහා සිහින මවන්නෙක්ද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 05,, කොළඹ (LNW): කෘෂි කාර්මික අංශයේ දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි.

අමාත්‍යාංශය අවධාරණය කරන්නේ , කොරියානු කෘෂි කාර්මික අංශයේ රැකියා සදහා වන වීසා බලපත්‍ර ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට හසුවී ඔවුන්ට මුදල් ලබා නොදෙන ලෙසයි,

කෘෂි කාර්මික රැකියා සම්බන්ධයෙන් දකුණු කොරියාවේ පාර්ශවයන් රැසක් සමඟ සාකච්ඡා කළද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් ගිවිසුමකට එළැඹ නොමැති බවත් මෙම තත්ත්වය හමුවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම ප්‍රමාද වී ඇති බවද අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, දකුණු කොරියාවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා කඩිනමින් උදාකරදීමට හැකි සෑම උත්සහයක්ම දරණ බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන වෙත රැකියා ඇණවුම් ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ආයතන සමඟ පමණක් සම්බන්ධ වන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශ නායක සන්ටෝ සහ දඟ පන්දු බල ඇණිය වැඩි ගෞරව දිනා ගත් තරගයක්

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ඇමරිකාව ඉරානයට පහරදෙයි !!

ඉරානයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉතාම සාර්ථකව ප්‍රහාර එල්ල...

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව...

බදුල්ල බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට. රිය පදවා ඇත්තේ සහායකයා

සටහන - රුවන් නෙළුගොල්ල බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ...