වැස්සට තීරණය සේදුණත් හර්ෂිතාගෙන් අර්ධ ශතකයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 05, (LNW)කොළඹ

නවසීලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය සමඟ පැවත්වූ පළමු එක්දින තරගයේ තීරණය වර්ෂාවේ බලපෑම මත ජය පරාජයකින් තොරව කෙළවර වුණා.මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මත නායිකා චමරි අතපත්තු ලකුණු 9 ට දැවී ගිය පසු යම් පීඩනයක් ගොඩ නැඟුණත්,හර්ෂිතා සමරවික්‍රම පළමු කඩුල්ල දැවීමෙන් පසුව පිටියට පිවිස,වර්ෂාව ඇඳ වැටෙන විටත් නොදැවි කඩුල්ලේ සිටිමින් වටිනා ඉණිමක් දියත් කළා.


තරගය නවතා දමන විට හර්ෂිතා පන්දු 96 ට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සමඟ නොදැවී ලකුණු 66 ක් ලබාගෙන සිටියා.ලකුණු 30 ක් ලැබූ විශ්මි ගුණරත්න සමඟ දෙවන කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා ලකුණු 45 ක සබඳතාවයක් ගොඬ නැඟුවා.ලකුණු 17 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගිය නිලක්ෂිකා සිල්වා සමඟ හර්ෂිතා ලකුණු 44 ක සබඳතාවයක් ගොඬ නැඟුවේ සිව්වන කඩුල්ල සඳහායි.වර්ෂාව නිසා තරගය නවතා දමන විට ලකුණු පූවරුව දැක් වුණේ කඩුලු 5 ට ලකුණු 147 ක් ලෙසයි.
ඊයේ පළමු තරගයට මුහුණ දුන් මනුදි නානායක්කාර මුහුණ දුන් තෙවැනි පන්දුවේදී ලකුණු 1 ට දැවී ගියා.එය එතරම් සාධාරණ තීරණයක් ලෙස දුටුවේ නැහැ.නමුත් යම් සැකයක් පළ වුණ ද,අවශ්‍යය පුනරූපන දර්ශන දකින්නට ලැබුණු අතර යම් යම් කාරණාවලින් එය පිත්තේ වැදුණු සහ ඇතැම් විට පා ඉන්නට පිටට ඇඳෙන බව දකින්නට ලැබුණා.


කෙසේ වුවත් මනුදි ඊ ළඟ තරගයේදී මේ සිඳුවීම නිසා පිටතින් නොරඳවන බව විශ්වාස අතර තරගය පැවති වේගවත් තණතීරුවේ තිබූ දෝලනය සහ වේගවත් බව සිය පළමු තරගයේදී වර්ෂාව ඇති කළ බාධාව නිසා අත්හදා බැලීම සඳහා චේතනා විමුක්තිට අවස්ථාවක් හිමි වුණේ නැහැ.නවසීලන්ත කණ්ඩායමට ද අලුත් මුහුණු තුනක් කැඳවා තිබුණ අතර ඒ අතරින් ආරම්භක පන්දු යැවීම කළ 21 හැවිරිදි බ්‍රී ඉලින්ග් සිය පන්දු ඕවර් 10 ලකුණු 42 ට කඩුලු 2 ක් සටහන් කරමින් නිමා කර තිබුණා.
https://bit.ly/41ihUTm හරහා තරගයේ සම්පූර්ණ ලකුණු පූවරුවට පිවිසීමට හැකියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...