“ගම්පහ දාපු සෙල්ලම් මෙහෙ දාන්න බැහැ – කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් මරණීය තර්ජන!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 05, කොළඹ (LNW):

ගම්පහ දාපු සෙල්ලම් මෙහෙ දාන්න බැහැ. එහෙම වුණොත් හොඳින් හෝ නරකින් අපි බලාගන්නම්’’ යනුවෙන් පවසා කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව එම මරණීය තර්ජන කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට ඊයේ (4 වැනිදා) නියෝග කළේය.

කොටහේන, ගල්පොත්ත හන්දියේ පිහිටි දුරකථන අලෙවි සලක හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ආයුධ සෙවීමට මට්ටක්කුලිය කාකදූපත ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී ඔවුන් පොලිස් වෙඩි පහරින් මියයාමේ සිද්ධියෙන් අනතුරුව ​කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි මහතාට එලෙස මරණ තර්ජන එල්ල වී ඇතැයි පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ දන්වා සිටියේය.

කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට මරණීය තර්ජන එල්ල කරන ලද දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර ලබාදෙන ලෙසට අදාළ දුරකථන සමාගම්වලට නියෝග නිකුත් කරන ලෙස කොටහේන පොලිසියේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර , එම දුරකථන ඇමතුම් විස්තර වාර්තා පොලිසියට ලබාදෙන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය අදාළ දුරකථන සමාගම්වලට නියම කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...