ඉතිහාසයේ මාසයක් තුළ මෙරටට පැමිණි ඉහළම සංචාරක පැමිණීමේ වාර්තාවන් අලුත් කරමින් 2026 පෙබරවාරි මාසයේ දී 279,328ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව 2026 ජනවාරි 01 සිට පෙබරවාරි 28 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 556,655ක් බවයි එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් 17%ක් එනම් 47,679ක් ඉන්දියානු සංචාරකයින් වන අතර 11%ක් එනම් 30,788ක් එක්සත් රාජධානියෙන් මෙරට පැමිණි සංචාරකයින් ලෙස වාර්තා වී ඇත.
කෙසේවෙතත් 2026 මාර්තු මාසයේ ඉලක්කගත සංචාරක පැමිණීම වූ ලක්ෂ 3ක සංචාරක පිරිස, මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ සපුරාගැනීමට නොහැකි වන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඊයේ පවසා තිබිණි.





