ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක ආගමනය 2026 පෙබරවාරියේදී

ඉතිහාසයේ මාසයක් තුළ මෙරටට පැමිණි ඉහළම සංචාරක පැමිණීමේ වාර්තාවන් අලුත් කරමින් 2026 පෙබරවාරි මාසයේ දී 279,328ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව 2026 ජනවාරි 01 සිට පෙබරවාරි 28 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 556,655ක් බවයි එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් 17%ක් එනම් 47,679ක් ඉන්දියානු සංචාරකයින් වන අතර 11%ක් එනම් 30,788ක් එක්සත් රාජධානියෙන් මෙරට පැමිණි සංචාරකයින් ලෙස වාර්තා වී ඇත.

කෙසේවෙතත් 2026 මාර්තු මාසයේ ඉලක්කගත සංචාරක පැමිණීම වූ ලක්ෂ 3ක සංචාරක පිරිස, මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ සපුරාගැනීමට නොහැකි වන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඊයේ පවසා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...