කෝටි දෙකකටත් වැඩි මුදලක් අල්ලස් ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙක් අත්අඩංගුවට

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් කෝටි දෙකකට අධික මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට වන චෝදනාවක් මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපන ශාලාවේදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

2018 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පුද්ගලික ආයතනයකින් ගොඩනැගිල්ලක් කූලී පදනම මත ලබාගැනීමෙන් පසු ඒ සඳහා අමාත්‍යාංශය මඟින් කුලී මුදල් ගෙවීමේදී අදාළ චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා සැකකරු විසින් මෙලෙස අල්ලස් ඉල්ලා ඇති බව සඳහන්.

අත් අඩංගුවට ගත් විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...