මැද පෙරදිග රටවල් කිහිපයක විදේශ ඇමතිවරු සමඟ ඇමති විජිත විශේෂ සාකච්ජාවක!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හමුවේ මැද පෙරදිග රටවල කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දුරකථනය ඔස්සේ සාකච්ජා කර තිබේ.

මැද පෙර දිග කලාපය මුහුණ දී සිටින තත්ත්වයන් සම්බන්ධයෙන් සිය ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර ඇත.

මීට අමතරව එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ඉල්ලා සිටි අමාත්‍ය විජිත හේරත් මහතා ඒ රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන්ගේ ආරක්‍ෂාව ශ්‍රී ලංකා රජය භාරගෙන ඇති බවද සඳහන් කර තිබේ.

හදිසි අවස්ථාවක ඉල්ලා සිටින මානුෂීය සහායන් ලබාදීමට ශ්‍රී ලංකාව නොපැකිලිව කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල විදේශ අමාත්‍යවරුන් ඇමති විජිත හේරත්ට අවංක ස්තූතිය පළ කර ඇති අතර එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවද තවදුරටත් සහතික වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...