ජර්මන් බස මුල සිට ඉගෙනීමට මහින්දගෙන් අත්වැලක් …

ජර්මන් භාෂාව නොමිලේ ඉගෙනීම සඳහා පාඨමාලාවක් ආරම්භ කිරීමට සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා කටයුතු කර තිබේ.

ඒ මහතා සිය යූටියුබ් චැනලය ඔස්සේ මෙම පාඨමාලාව ආරම්භ කර ඇති අතර එම චැනලයෙහි ඉංග්‍රීසී භාෂා පාඨමාලාවක් ද දැනට ක්‍රියාත්මක ය.

කාර්මීකරණය අතින් ලොව ඉදිරියෙන්ම සිටින රටක් වන ජර්මනියේ ඉදිරි වසර කිහිපය තුළ විදෙස් ශ්‍රමිකයින් සඳහා රැකියා මිලියන ගණනක් බිහිවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජර්මනියේ රැකියා සඳහා යාමට ශ්‍රී ලාංකිකයින්ට ද අවස්ථාව ඇති අතර ජර්මානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් සමත්වීම ඒ සඳහා මූලික කොන්දේසියක් වේ.

මහින්ද පතිරණ මහතා යනු දේශපාලනික වශයෙන් බොහෝසෙයින් විවේචනයට භාජනය වූ අයෙකු බව ඇත්තකි. එහෙත් ඔහු සිය දැනුම නොමිලේ ජනතාවට ලබාදීමට දරණ මේ උත්සාහය දේශපාලන භේදයකින් තොරව අගය කළ යුතු බව අපේ හැඟීමයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...