ආර්ථිකය ගොඩගැනීමට ශ්‍රී ලංකා මහබැංකුවෙන් රජයට ඉල්ලීම් 8ක්

0
422

රට මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඉල්ලීම් 8ක් රජය වෙත ඉදිරිපත් කර ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.

ඒ අනුව,

  1. අත්‍යාවශ්‍ය නොවන සමහර භාණ්ඩ ආනයනය කිරීමේදී විශේෂ බද්දක් පනවා ඒවායේ ඉල්ලුම තවදුරටත් අඩුකිරීම
  2. ඉන්ධන මිල සහ විදුලි බිල් වැඩිකිරීම
  3. රටට ලැබෙන විදේශ ප්‍රේෂණ සඳහා තවදුරටත් දිරිගැන්වීම් කරන අතරේම විවිධ නීත්‍යානුකූල නොවන ක්‍රමවේද ඔස්සේ රටට මුදල් ගලා එන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම
  4. බලශක්තිය ඉතිරි කිරීමේ ක්‍රමවේද භාවිතා කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද වෙත යොමුවීම
  5. විදෙස් රටවලින් ලබාගත හැකි මුදල් තවදුරටත් වැඩිකර ගැනීම
  6. ණය නොවන ක්‍රමවේද ඔස්සේ රටට මුදල් ගලා ඒම තවදුරටත් දිරිගැන්වීම
  7. උපායමාර්ගික නොවන සහ ඌන උපයෝගී වත්කම් කඩිනමින් මුදල් බවට පරිවර්තනය කරගැනීම
  8. අත්‍යාවශ්‍ය නොවන සහ හදිසි නොවන සමහර ප්‍රාග්ධන ව්‍යාපෘති තවදුරටත් කල්දැමීම

යන ඉල්ලීම් රජය වෙත ඉදිරිපත් කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (04) ශ්‍රී ලංකා මහබැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here