ආසියාව එක්ක හැප්පෙන ලංකාවේ එකම තුරුම්පුව 7 දා තරග බිමට

Date:

ජෝර්දානයේ අම්මාන් නුවර පැවත්වෙන කණිෂ්ඨ ආසියානු බාලක සහ බාලිකා බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාවේ එකම සහභගීත්වය වන තෙහාන් රේමන් මාර්තු 7 වන දා තරගබිමට පැමිණීමට නියමිතයි.

කිලෝ ග්‍රෑම් 57 ෆෙදර්වෙට් බර පංතිය යටතේ තරග වදින රේමන්ගේ තරග ඉසව්වට ක්‍රීඩකයන් දස දෙනෙක් තරග වදිනවා.තරග සැළසුමට අනුව රේමන් අර්ධ අවසාන පූර්ව වටයේ සිට තරග වැදීමට සූදානම් අතර ඔහුට 7 දා හමුවීමට නියමිතව ඇති චකාපෙන් ඒක්පට්චා තායිලන්තය වෙනුවෙන් තරග වදිනවා.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස සහභාගි වන චන්දිමාල් ඇ⁣ලෙක්සැඩර් සිය පාසල් ක්‍රීඩක අවදියේම ජාතික සූරයා වන්නට දක්ෂතා දැක් වූ අයෙක්.අප කළ විමමීමකදී ඔහු පැවසුවේ තායිලන්ත තරගය ජය ගැනීමට රේමන් සියලු උත්සාහයන් දරනු ඇති බවත්,ක්‍රීඩකයා හොඳ ආත්ම විශ්වාසයක් සහිතව සිටින බවත්ය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග විනිසුරුවරයෙක් ලෙස සුසන්ත වීරසේනද එක් වී සිටිනවා.

RM

තෙහාන් රේමන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...