ආසියාව එක්ක හැප්පෙන ලංකාවේ එකම තුරුම්පුව 7 දා තරග බිමට

Date:

ජෝර්දානයේ අම්මාන් නුවර පැවත්වෙන කණිෂ්ඨ ආසියානු බාලක සහ බාලිකා බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාවේ එකම සහභගීත්වය වන තෙහාන් රේමන් මාර්තු 7 වන දා තරගබිමට පැමිණීමට නියමිතයි.

කිලෝ ග්‍රෑම් 57 ෆෙදර්වෙට් බර පංතිය යටතේ තරග වදින රේමන්ගේ තරග ඉසව්වට ක්‍රීඩකයන් දස දෙනෙක් තරග වදිනවා.තරග සැළසුමට අනුව රේමන් අර්ධ අවසාන පූර්ව වටයේ සිට තරග වැදීමට සූදානම් අතර ඔහුට 7 දා හමුවීමට නියමිතව ඇති චකාපෙන් ඒක්පට්චා තායිලන්තය වෙනුවෙන් තරග වදිනවා.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස සහභාගි වන චන්දිමාල් ඇ⁣ලෙක්සැඩර් සිය පාසල් ක්‍රීඩක අවදියේම ජාතික සූරයා වන්නට දක්ෂතා දැක් වූ අයෙක්.අප කළ විමමීමකදී ඔහු පැවසුවේ තායිලන්ත තරගය ජය ගැනීමට රේමන් සියලු උත්සාහයන් දරනු ඇති බවත්,ක්‍රීඩකයා හොඳ ආත්ම විශ්වාසයක් සහිතව සිටින බවත්ය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග විනිසුරුවරයෙක් ලෙස සුසන්ත වීරසේනද එක් වී සිටිනවා.

RM

තෙහාන් රේමන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...