*
Monday, May 6, 2024
spot_img

Latest Posts

යුද්ධයක් පවතිද්දී ඇතිවන ඛේදවාචක සහ පශ්චාත් යුධ ඛේදවාචක …

රජිව් ගාන්ධි ඝාතන සිද්දිය සම්බන්දව ඉන්දියානු අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියමව සිටි සුරෙද්‍ර රාජාව පසුව අධිකරණය විසින් වසර තිස් ගණනකට පසුව නිදහස් කර හැරෙනවා.. ඔහු නිදහස් කෙරුනත් ඔහු සිටියේ ඉන්දියාව තුල රැඳවුම් බාරයක..

කෙසේ හෝ ඔහු දිගින් දිගටම ඉන්දියානු රජයෙන් කල ඉල්ලීමකට අනුව ඔහුට ඔහුගේ වයස් ගත මව හා ජිවත්වීමට ඔහුට ලංකාව කරා යාමට ඉන්දියානු රජයෙන් කාලෙකට පස්සෙ අවසර ලැබෙනවා..ඒ අනුව ලංකාව බලා ඔහුගේ පිටත්වීම යෙදී තිබුනේ පෙබරවාරි විසි අට වෙනිදා..නමුත් අවාසනාවකට ඊට පෙර දින ඔහු අක්මා ආසාදනයක් නිසා මරණයට පත්වෙනවා..

ඒ කෙසේ වෙතත් මාර්තු තුන්වෙනිදා ඔහුගේ දේහය ලංකාවට ගේනවා.එහිදී ඔහුගේ මවට ඔහුගේ නිසල දේහය දැකගන්න ලැබුනත් ඔහු බලාපොරොත්තු උන විදියට ඔහුට ඔහුගේ මව දැකගන්නවත් මවත් එක්ක ජීවත් වෙන්නවත් කිසිදා අවස්තාවක් ලැබෙන්නෙ නෑ..

ඕනෑම භූමියක යුද්දයක් හෝ සාමයක් උත්කර්ෂයට නැගෙන ඕනෑම මොහොතක ඒකේ සංයුතිය හැදෙන්නේ ඒ සමාජයෙ ජීවත්වෙන මිනිස්සුන්ගෙන්මයි…. මෙතනදි ගතවී අවසන් ඉතිහාසයේ එවන් සිද්දි සම්බන්දයෙන් තව දුරටත් තනි තනි පුද්ලයන්ට වරද පැටවීම සදොස් කාර්‍ය්යක්..

සමස්ථ ඉතිහාසය ඇතුලේ පුද්ගලයා කියන්නේ ඉතිහාස ප්‍රවේගයන් සඳහා යූස් වෙන ලේ ඇට නහර තියෙන ක්ෂුද්‍ර භෞතිකයක් විතරයි..

යුද්දයක් පවතින වේලාවක ඇතිවෙන ඛේදවාචකවලට වඩා ඇතැම්විට පශ්චාත් යුධ ඛේදවාචකවල පසු කම්පන ප්‍රබලයි.. මේ ඒවගේ සිද්දියක්..

හැබැයි මේවා සංවේදනය වෙන්නේ ජාතී, ආගම්, ගෝත්‍ර වාදවලින් විනිර්මුක්ත වුණ සංවේදී මිනිස්සුන්ට විතරයි……

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan