ගාසා තීරයේ කුසගින්න වැඩිවෙයි, සහනාධාර රථද ඊශ්‍රායලය විසින් හරවා එවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සහනාධාර රැගෙන උතුරු ගාසා ප්‍රදේශයට යමින් සිටි එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් හරවා එවීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.

උතුරු ගාසා තීරයට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ සාමාජිකයින්ට ඇතුලු වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ ඉඩ ලබාදී නොමැති අතර පෙබරවාරි මාසයෙන් පසු එම ප්‍රදේශයට සහනාධාර රැගෙන ගිය පළමු අවස්ථාවද මෙය වන බව වාර්තා වේ.

Palestinians carry bags of flour they grabbed from an aid truck near an Israeli checkpoint, as Gaza residents face crisis levels of hunger, amid the ongoing conflict between Israel and Hamas, in Gaza City January 27, 2024. REUTERS/Hossam Azam

ගාසා තීරය මුහුණ දී සිටින සාගත තත්ත්වය පාලනය කිරීම සඳහා උතුරු ගාසා ප්‍රදේශයට සහනාධාර ලබාදීම අනිවාර්ය බව ජගත් සංවිධානය පෙන්වා දෙයි.

හමාස් සංවිධානය නිවේදනය කරන්න්නේ, සටන් විරාම එකගතාවකට එළඹීම මේ මොහොතේ අනිවාර්ය වුව ද එහි තීරණය ඊශ්‍රායලය සතු බවයි .

මෙවැනි බාධා කිරීම් සටන් විරාමයට තවදුරටත් බාධා එල්ල කිරීමක් පමණක් වන බව ද ඇමෙරිකාව නිවේදනය කරයි.

අල්ජසිරා පුවත් සේවය නිවේදනය කරන්නේ, ලේබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයෙකු හා ඔහුගේ බිරිඳ මෙන්ම කුඩා දරුවා ද ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...

ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර අභියෝගතා...