අර්ථසාධක අරමුදල් කොන්දේසි ලිහිල් කිරීමට පියවර!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 06, කොළඹ (LNW):

සේවා අර්ථසාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඒ අනුව, ඒ හරහා වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදා වන බවද ඔහු කියා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ , සේවා අර්ථසාධක අරමුදලෙන් සියයට 30ක ප්‍රතිලාභ ලබා ගැනීමේදී ඇතැම් අවස්ථාවල කූට ලේඛන ඉදිරිපත් කිරීමට ඇතැමුන් පෙළඹී ඇති බවයි.

වැඩිදුරටත් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, ඊට අමතරව ප්‍රතිලාභ අතරමැදියන්ගේ මැදිහත්වීමද නිරීක්‍ෂණය වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...