2023 බස් ආනයනයෙන් ගහපු ගැහිල්ලත් හෙළිවෙයි!

Date:

කොළඹ LNW:2023 වසරේදී ඉන්දියාවෙන් බස් රථ ආනයනය කිරීමකදී රු. මිලියන 3010ක් අමතර ගෙවීමක් සිදුකර් ඇති බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

විද්‍යාත්මක පදනමකින් හා අවශ්‍යතා විශ්ලේෂණයකින් තොරව එම බස් රථ ආනයනය කර ඇති අතර ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් ගෙවා එම බස් රථ මිලදී ගෙනඇති බවයි විගණනයේදී අනාවරණය වී ඇත්තේ.

2018 වසරේ ලබාදුන් අමාත්‍ය මණ්ඩල අනුමතියකට අනුව ආසන 54 සහ ආසන 35 බැගින් වූ බස් රථ 500ක් මිලදී ගැනීමට ප්‍රසම්ප්‍රාදන කටයුතු ආරම්භ කර ඇති අතර 2020 වසරේ පැවති ආණ්ඩුව ගත් නව ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ඒ වෙනුවට බස් රථ 600ක් ගෙන්වීමේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව සැලසුම් කළ බස් රථ ගණනට වඩා බස් රථ සියයක් වැඩියෙන් මිලදී ගැනීමට ප්‍රසම්පාදන කටයුතු සිදුකර ඇති අතර එම සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලින් බැහැරව 2023 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් නව බස් රථ 500ක් මිලදී ගෙන තිබේ.

එහිදී අමෙරිකානු ඩොලර් 26662.5 ක මුදලකට ආසන 32 ක් සහිත බස් රථයක් මිලදී ගෙන ඇති අතර බස් රථ 500ක් සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් එක් කෝටි තිස් තුන් ලක්ෂ එකොළොස්දහස් දෙසිය පනහක් ලෙස දැක්වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා මුදලින් එක් බස් රථයක වටිනාකම, රුපියල් මිලියන 11.2 ක් පමණ වන බව විගණන වාර්තාව පවසයි.

එය, 2018 වසරේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත මිලදී ගැනීමට සැලසුම් කළ බස් රථයක් සඳහා වැය වන මුදලට වඩා රුපියල් මිලියන 6.2 ක වැඩිවීමක් බවද විගණන වාර්තාව තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය