දළදා වන්දනාවට සියල්ල සූදානම්.මහනුවරට ලක්ෂ 20ක ජන ගඟක් ගැනත් අපේක්ෂාවක්!

Date:

කොළඹ LNW:තත්ත්පරයකට තිදෙනෙකු බැගින් දිනකට හැටදහසක පිරිකට දළදා වන්දනා කිරිමට අවස්ථාව හිමිවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා පැවසීය.

ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට අප්‍රේල් මස 18 ආරම්භ වන දළදා දැක්ම සඳහා ලක්ෂ 20කට අධික පිිරිසක් මහනුවර පැමිණෙතැයි අපේක්ෂා කරන බව ද ආණ්ඩුකාරවරයා පැවසුවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ දළදා දැක්ම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (06) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

දින දහයක කාලයක් පැවැත්වෙන මෙම දළදා දැක්ම සඳහා පැමිණෙන සැදැහැවතුන් මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ප්‍රවේශ කර ගන්නා බවත් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහනුවර මහ නගර සභාව ඇතුලු ආයතන රැසක් එක්ව සම්පාදනය කරන බව ද ඒ මහතා පැවසුවේය.

පරීක්ෂා කර ගැනීමෙන් අනතුරුව ඇතුල් කර ගන්නා සැදැහැවතුන් දළදා වන්දනා කිරීමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ දොරටුවෙන් පිටත් කරන බවත් ඔවුන් මහ මළුව සහ අවන්හල දෙසින් බැහැරට ගමන් කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, රාත්‍රී කාලයේ දී දන්සැල්, දුම්රිය ඇතුලු ප්‍රවාහනය ඇතුලු පහසුකම් රැසක් සම්පාදනය කරන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වුණු බව ද ඒ මහතා පැවසුවේය.

දළදා දැක්ම ක්‍රියාත්මක කාලයේදී මහනුවර නගරයේ පාසල් සඳහා නිවාඩු ලබා දෙන බවත් එම දින කිහිපය තුළදී මහනුවර කේන්ද්‍ර කොට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව ද ආණ්ඩුකාරවරයා තව දුරටත් පැවසුවේය.

බදුලු මුතියංගණ රජමහ විහාරයේ භාරකාර අස්ගිරි මහ විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරත්න හිමි, මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව...

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...

රසාරාගෙන් තවත් ජාතික වාර්තාවක්

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

ගුවන් යානයක හදිසි ගින්නක්!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගොඩබෑමේ පද්ධතියේ...